ඩොලරය තවත් අඩුවෙයි

    March, 20, 2024

    අද (20) දිනයේ දී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 299.13 ක් හා විකුණුම් මිල රු. 308.723 ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි. මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව මෙම අගයයන් ඊයේ දිනයේ දී සටහන් වූයේ පිළිවෙලින් රු. 299.29 ක් හා රු. 308.90 ක් ලෙසිනි.

    මේ අතර අද දිනයේ ද එක්සත් ජනපද ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය රු. 303 මට්ටමට පැමිණ ඇති බව මහ බැංකුව වැඩිදුරටත් කියා සිටී.

    ඒ අනුව අද දින ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතය දැක්වුණේ රු. 303.97 ක් වශයෙනි. 2023 ජූනි 14 දිනෙන් පසු රු. 303 මට්ටමට මෙම අගය පැමිණි පළමු අවස්ථාව මෙයයි.