ඩොලරය 320න් පහළට

    January, 24, 2024

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (24) දින නිකුත් කරන ලද විනිමය අනුපාතික සටහනට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු. 314.98 ක් හා විකුණුම් මිල රු. 324.77 ක් ලෙසින් වාර්තා වී තිබේ.

    මේ අතර එ. ජ. ඩොලරයේ නිරූපිත එතැන් විනිමය අනුපාතිකය (Indicative Rate of the USD/LKR Spot Exchange Rate) අද දිනයේ දී රු. 319.94ක් ලෙසින් වාර්තා වන අතර එය 2023 සැප්තැම්බර් 04 දිනෙන් එම අගය රු. 320 සීමාවෙන් මෙපිටට පැමිණි පළමු අවස්ථාව වේ.