වින්දනීය අත්දැකීමක් එක් කරමින් Coke Food Fest ජා-ඇල පුරවරයට: මීළඟ නැවතුම Coke Kottu Beat Party

    September, 6, 2024

    රසවත් ආහාර, පැමිණ සිටින්නන් කුල්මත් කරන සංගීතය සහ හිතේ හැටියට කොකා-කෝලා භුක්ති විඳීමට අවස්ථාව සලසා දෙමින් Coke Food Fest ජා-ඇල නගර සභා ක්‍රීඩාංගණය අගෝස්තු 31 සහ සැප්තැම්බර් 1 යන දෙදින වර්ණවත් කළේය- එය ආහාරවලට සහ සංගීතයට දැඩි ඇල්මක් දක්වන්නන්ට ද ආශ්වාදජනක හා විනෝදජනක සති අන්තයක් විය.

    ඔබට එය මග හැරුණා නම් Coke Kottu Beat Party සමඟින් එක්ව එවැනිම වින්දනීය සන්ධ්‍යාවක් ගත කිරීමට සැප්තැම්බර් 7 වෙනිදා මිනුවන්ගොඩ ජනාධිපති විද්‍යාලයීය ක්‍රීඩාංගණයට පැමිණෙන්න- රස නහර පිනායන ආහාර, නොයෙකුත් කොකා-කෝලා පාන වර්ග සහ මියුරු සංගීතය හා නර්තනයන් ඇතුළු වස්ති, Kaizer, හනා, ආදිත්‍යා වැනි තාරුණ්‍යයේ රසික හදවත් දිනාගත් ජනප්‍රිය තරු සහ Midlane සංගීත කණ්ඩායම සමඟින් අමතක නොවන අත්දැකීමක් විඳගැනීමට නොවරදවාම පැමිණෙන්න.

    Video Story

    Stock Market

    Exchange Rates