දිනයේ ගනුදෙනු අතරවාරයේ දී උච්ඡාවචන රැසක්

    October, 6, 2026

    කොළඹ කොටස් වෙළෙඳපොළ මිල දර්ශක අද දිනය තුළ දී ඉහළ උච්ඡාවචනයන් වාර්තා කළ දිනයක් විය. ගනුදෙනු ආරම්භ වී මුල් පැය 1 1/2ක කාලය තුළ ඒකක 90ක් ඉක්මවා සියලු කොටස් මිල දර්ශකයේ ඉහළ යාමක් වාර්තා වුණි.

    කෙසේවෙතත් දිනයේ ගනුදෙනු අවසානයේ දී එහි වර්ධනය ඒකක 5.97ක් වූ අතර ඒ අනුව ගනුදෙනු අවසානයේ දී සියලු කොටස් මිල දර්ශකය ඒකක 20,650.23ක් ලෙසින් සටහන් විය.

    S&P SL20 දර්ශකය දිනය තුළ ඒකක 2.74ක පහළ යාමක් වාර්තා කරමින් ගනුදෙනු අවසානයේ දී ඒකක 5,844.28ක් ලෙසින් වාර්තා වුණි.

    රු. බිලියන 1.06ක ගනුදෙනු පිරිවැටුමක් දිනය තුළ වාර්තා විය.

     

     

    Video Story

    Stock Market

    Exchange Rates