June, 25, 2022
මහජනතාව අත ඇති විදේශ ව්‍යවහාර මුදල් විධිමත් බැංකු පද්ධතියට ආකර්ෂණය කර ගැනීමේ අරමුණින් මුදල් අමාත්‍යවරයා විසින්, 2017 අංක 12 දරන විදේශ විනිමය පනතේ 8 වන වගන්තිය යටතේ නියමයන් පහත පරිදි නිකුත් කර ඇත.
i.නියමයේ දක්වා ඇති පරිදි, පුද්ගලික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට හෝ ව්‍යාපාරික විදේශ ව්‍යවහාර මුදල් ගිණුමකට තැන්පත් කිරීමට හෝ
ii.බලයලත් වෙළෙන්දෙකුට (බලපත්‍රලාභී වාණිජ බැංකුවකට හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුවට) විකිණිමට
එකී පොදු සමා කාලය අවසානයේ දී මෙම නියමය උල්ලංඝනය කරමින් තමා සන්තකයේ විදේශ ව්‍යවහාර මුදල් තබා ගන්නා පුද්ගලයන්ට එරෙහිව විදේශ විනිමය පනතේ විධිවිධාන ප්‍රකාරව ක්‍රියාමාර් ග ආරම්භ කිරීමේ අයිතිය ශ්‍රී ලංකා මහ බැංකුව සතුව පවතී.
වැඩිදුර තොරතුරු සඳහා;
(අ) ඕනෑම බලපත්‍රලාභී වාණිජ බැංකුවක් හෝ ජාතික ඉතිරි කිරීමේ බැංකුව සමඟ සම්බන්ධ වීමට
(ආ) විදේශ විනිමය දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.dfe.lk මගින් විදේශ විනිමය පනතේ 8 වැනි වගන්තිය යටතේ වූ නියමයට 2022 ජූනි 16 දිනැති අංක 2284/34 දරන (අති විශෙෂ) ගැසට් නිවේදනය මගින් සිදු කරන ලද ඉහත සංශෝධනයන් පරිශීලනය කිරීමට,
(ඇ) dfe@cbsl.lk යන විද්‍යුත් තැපැල් ලිපිනයෙන් හෝ 011-2477255, 011-2398511 යන දුරකතන අංක මගින් විදේශ විනිමය දෙපාර්තමේන්තුව හා සම්බන්ධ වීමට හැකියාව ඇත.
Video Story