ප්‍රමිති ආයතනය නාමල් යටතට

    June, 5, 2021

    තරුණ හා ක්‍රීඩා කැබිනට් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය (03) දා ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ධූරයේ දිවුරුම් දෙනු ලැබීය.

    ඒ අනුව ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශයට අදාළ කාර්යයන් හා කර්තව්‍යයන්, සුවිශේෂී ප්‍රමුඛතා සහ ආයතනික හා නෛතික රාමුව මේ වන විට ගැසට් කර තිබේ.

    අදාළ ගැසට් පත්‍රයේ සඳහන් වන පරිදි කාර්මික තාක්ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ්, ජාතික විද්‍යා තාක්ෂණ කොමිෂන් සභාව, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් බයෝටෙක්නොලොජි ප්‍රයිවට් ලිමිටඩ් සහ සියලු තොරතුරු තාක්ෂණ උද්‍යාන ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය යටතට පත්වනු ඇත.

    ඩිජිටල් තාක්ෂණ ව්‍යාපාර පුළුල් කිරීම මගින් විදේශ ආදායම් ඉපදවීම සහ ඉහල ආදායම් සහිත රැකියා සඳහා තරුණ තරුණියන්ට යොමුවීමට ඇති ඉඩ ප්‍රස්ථාව පුළුල් කිරීම මෙම අමාත්‍යාංශයේ සුවිශේෂී ප්‍රමුඛතා අතර වේ.