මහ නගර සභා භූමියේ එළවළු කොරටුවක්. කොළඹ සියලු හිස් බිම්වල වගා කිරීමේ ව්‍යාපෘතියක්

    August, 4, 2022

    කොළඹ නගර සභාවට අයත් තණ පිටියක නවීන තාක්ෂණය භාවිතා කරමින් එළවළු වගාවක් ඇතිකිරීම සඳහා පසුගිය දා කොළඹ මහා නගර සභාව සහ කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගම අතර ගිවිසුමක් අත්සන් කර තිබේ.

    මෙය කාර්ගීල්ස් ඇග්ග්‍රො ඩිවලොප්මන්ට් සමාගමේ CSR ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන අතර, නවීන වගා තාක්ෂණය හා වගා ක්‍රම පිළිබඳව ජනතාව දැනුවත් කිරීම එහි මූලික පරමාර්ථය වේ.

    මේ සම්බන්ධයෙන් ෆේස්බුක් සටහනක් තබමින් කොළඹ නාගරික මන්ත්‍රී, හිටපු ජනපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ මුණුපුරකු වන ප්‍රදිප් ජයවර්ධන මහතා පවසන්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මූලික අදහසකට අනුව කොළඹ නගරයේ ආහාර අර්බුදයට "urban harvest" යන නමින් නගරයේ සියලුම හිස් බිම් වල වගා කිරීමෙ ව්‍යාපෘතියේ එක් පියවරක් ලෙසින් මෙය ක්‍රියාත්මක බවයි.