මහ බැංකු පනත් කෙටුම්පත ගැන මහ බැංකු අධිපති ප්‍රසිද්ධියේ කතා කරයි

    March, 14, 2023

    ශ්‍රී ලංකා මහ බැංකුව පනත් කෙටුම්පත පිළිබඳ දේශනයක් සහ සාකච්ඡාවක් 2023 මාර්තු 16 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව දැනුම් දී සිටී.

    වත්මන් ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා විසින් සිදුකරනු ලබන මෙම ප්‍රසිද්ධ දේශනය සිංහල මාධ්‍යයෙන් පැවැත්වෙනු ඇත.

    2023 මාර්තු 16 වන දා ප.ව. 2.30 සිට ප.ව. 4.30 දක්වා රාජගිරිය බැංකු විදු පියෙස ශ්‍රවණාගාරයේ දී මෙම දේශනය පැවැත්වීමට නියමිතය.