මාර්තු මාසයේ මුල් දින 15ට සංචාරකයින් 53,255ක් ලංකාවට

    March, 16, 2022

    2022 වසරේ මේ දක්වා මෙරටට පැමිණ ඇති මුළු විදෙස් සංචාරකයින්ගේ සංඛ්‍යාව 232,089ක් බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සංඛ්‍යා ලේඛන පෙන්වා දෙයි.

    මෙම වසරේ මේ දක්වා වූ කාල සීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් සංඛ්‍යාවක් පැමිණි රට වනුයේ ඉන්දියාවයි. එම සංඛ්‍යාව 35,627කි. එසේම රුසියාවෙන් 35,064ක් අමරිකාවෙන් 23,702ක් ජර්මනියෙන් 18,295ක් සහ යුක්රේනයෙන් 13,273ක් ලෙස මෙම කාල සීමාව තුළ මෙරටට වැඩිම සංචාරකයින් පිරිසක් පැමිණි රටවල් ලෙස පෙන්වා දිය හැකි.