රු. බිලියනයට වැඩි මහා පරිමාණ ව්‍යාපෘති 284 ක් ක්‍රියාත්මකයි. මුළු පිරිවැය රු. බිලියන 692.5ක්

    June, 16, 2021

    මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘතීන්හි 2021 පළමු කාර්තුව අවසන් වන විට ප්‍රගතිය
    ඇස්තමේන්තුගත පිරිවැය රුපියල් බිලියනය ඉක්මවන මහා පරිමාණ සංවර්ධන ව්‍යාපෘති 284ක් අමාත්‍යාංශ 41ක් යටතේ මේ වන විට ක්‍රියාත්මක කෙරෙමින් පවතින අතර එම ව්‍යාපෘති වෙනුවෙන් 2021 වර්ෂය සඳහා රුපියල් බිලියන 692.5ක් වෙන් කර තිබේ.
    ඒ අතුරින් ව්‍යාපෘති 53ක් "සැමට පානීය ජලය" හා "කිලෝමීටර 100,000ක මාර්ග ජාල සංවර්ධනය" වැනි රජයේ ප්‍රමුඛ සංවර්ධන ඉලක්කයන්ට අදාළ ව්‍යාපෘතීන් වේ.
    එම ව්‍යාපෘතිවලින් නිශ්චිත ආයෝජන ඉලක්ක සපුරාගැනීම සඳහා අදාළ සියලුම ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව සහ ඇතැම් ව්‍යාපෘතීන්හි කාර්යසාධනයට සෘජුවම බලපාන ඉඩම් අත්කර ගැනීම සම්බන්ධ කාර්ය පටිපාටික හා නෛතික ගැටලු කඩිනමින් නිරාකරණය කිරීමේ අවශ්‍යතාව පෙන්වා දෙමින් 2021 වර්ෂයේ පළමු කාර්තුව තුළ එම ව්‍යාපෘතිවල ප්‍රගතිය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ වාර්තාව අමාත්‍ය මණ්ඩලය විසින් සැලකිල්ලට ගන්නා ලදී.