රු. මිලියන 55,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් හෙට

    July, 19, 2022

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් හෙට (20) දිනයේ දී රු. මිලියන 55,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    මෙහිදී දින 91 කාණ්ඩය යටතේ රු. මිලියන 25,000 ක්, දින 182 හා දින 364 කාණ්ඩ යටතේ රු. මිලියන 15,000 ක් බැගින් වන පරිදි භාණ්ඩාගාර බිල්පත් ප්‍රමාණයක් වෙන්දේසිය සඳහා ඉදිරිපත් ‌කෙරෙනු ඇත.

    මේ අතර පසුගිය සතියේ පැවති ‌වෙන්දේසියේ දී දින 91 භාණ්ඩාගාර බිල්පත් පොලිය 32.11% ක් ලෙසින් සටහන් වූ අතර එය මෙතෙක් ඉතිහාසයේ එම කාණ්ඩයේ භාණ්ඩාගාර බිල්පත් සඳහා නියම වී තිබුණු ඉහළම පොලී අනුපාතිකය වේ.

    මීට අමතරව දින 182 හා දින 364 බිල්පත් පොලිය ද පසුගිය ‌වෙන්දේසියේ දී වාර්තාගත ලෙසින් 31.01% ක් හා 29.87% ක් දක්වා ඉහළ ගොස් තිබුණි.