ලංකාවේ Lion Beer ඉන්දියාවේ වෙළෙඳපොළට

    April, 11, 2023

    ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ගෝලීය සන්නාමයක් වන “Lion Beer”, ඉතිහාසයේ ප්‍රථම වරට ඉන්දියානු වෙළෙඳපොළ වෙත හඳුන්වාදීම පසුගිය දා සාර්ථකව සිදුකරන ලදී.

    දකුණු ඉන්දියාවේ ශ්‍රී ලංකා නියෝජ්‍ය මහ කොමසාරිස් ආචාර්ය වෙන්කටේෂ්වරන් විසින් ඉන්දියානු වෙළඳපොළ වෙත ශ්‍රී ලාංකීය නිෂ්පාදන ප්‍රවර්ධනය කිරීම සඳහා කරන ලද මුලපිරීමක් ලෙස, ශ්‍රී ලංකාවේ Lion Brewery PLC සහ ඉන්දියාවේ චෙන්නායි හි Fairmacs Ltd සහයෝගීතාවයට එළඹීමෙන් ඉන්දියාවේ තීරුබදු රහිත වෙළඳපොළට Lion Beer නිෂ්පාදිත හඳුන්වාදීමට පියවර ගැනෙනු ඇත.

    මෙම හඳුන්වා දීමේ උත්සව අවස්ථාවේ දී නියෝජ්‍ය මහ කොමසාරිස්වරයා විසින් Fairmacs Ltd හි සභාපති Sudhir Shete වෙත වානිජමය සහයෝගීතාව සංකේතවත් කරනු පිණිස Lion Beer තෑගි පාර්සලයක් පිරිනැමීම සිදුවිය.