October, 30, 2023
ලංකා IOC සමාගම සිය නවතම කාර්තුමය මූල්‍ය වාර්තාව අද (30) පෙරවරුවේ දී ප්‍රකාශයට පත් කර තිබුණි.
ඒ අනුව 2023 ජූලි - සැප්තැම්බර් කාර්තුවේ දී සමාගම රු. බිලියන 61.69 ක ආදායමක් වාර්තා කර තිබෙන අතර සියලු බදු ගෙවීමෙන් පසු රු. බිලියන 5.05 ක හෙවත් රු. කෝටි 505 ක ලාභයක් වාර්තා කිරීමට සමත් වි තිබේ.
මෙම මූල්‍ය ප්‍රතිඵලයත් සමඟම ලංකා IOC සමාගම 2023-24 මූල්‍ය වර්ෂයේ අප්‍රේල් - සැප්තැම්බර් මාස 06 සඳහා වාර්තා කර ඇති මුළු බදු ගෙවීමෙන් පසු ලාභය රු. බිලියන 7.5 ක් ලෙසින් සටහන්ව ඇත.
Video Story