ලංකා IOC වෙතින් නිවේදනයක්

    April, 17, 2023

    මෙරට ලැයිස්තුගත බලශක්ති සමාගමක් වන ලංකා IOC පීඑල්සී විසින් නිවේදනයක් නිකුත් කර තිබේ.

    ඒ පසුගිය අප්‍රේල් 02 වන දින පුවත්පතක පළ වී තිබුණු ප්‍රවෘත්තියක් සම්බන්ධයෙනි.

    ලංකා IOC සමාගම නව ඉන්ධන පිරවුම්හල් 100 ක්  ස්ථාපිත කිරීම සඳහා කටයුතු කරමින් සිටින බව එම පුවතේ සඳහන්ව ඇත.

    මේ සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක් කරමින් ලංකා IOC සමාගම තහවුරු කර සිටින්නේ, එයාකාරයෙන් අතිරේක ඉන්ධන පිරවුම්හල් 100 ක් වෙනුවෙන් කිසිදු සාකච්ඡාවක් බලශක්ති අමාත්‍යාංශය සමඟ සිදු නොකළ බවයි.