ලලිත් කොතලාවල අභාවප්‍රාප්ත වෙයි

    October, 21, 2023

    සෙලින්කෝ සමූහයේ හිටපු සභාපතිවරයා හා සෙලාන් බැංකුවේ ආරම්භක සභාපතිවරයා වූ දේශමාන්‍ය ආචාර්ය ලලිත් කොතලාවල මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

    මිය යන විට ඒ මහතා 85 වැනි වියෙහි පසුවිය.

    ලලිත් කොතලාවල මහතා 2000 දශකය මැද භාගයේ දී මෙරට ධනවත්ම පුද්ගලයින්ගේ ලැයිස්තුවේ පෙරමුණේ සිටි අයෙක් විය.

    කෙසේවෙතත් සෙලින්කෝ සමූහයේ අනුබද්ධිත සමාගමක් වූ ගෝල්ඩන් කී ක්‍රෙඩිට් කාඩ් සමාගමේ සිදුවූ රු. බිලියන 26 කට අධික මුදල් අවභාවිතයක් සම්බන්ධයෙන් ඒ මහතා 2009 වසරේ දී රිමාන්ඩ් භාරයට පත්විය. එහිදී නීතිවිරෝධී මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යාම ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් සෙලින්කෝ සමාගමේ හිටපු සභාපති ලලිත් කොතලාවල මහතා ඇතුළු තවත් එහි අධ්‍යක්ෂවරුන් කිහිප දෙනෙකුට 2011 වසරේ දී නීතිපතිවරයා විසින් චෝදනා ගොනු කරනු ලැබිණි.

    ලලිත් කොතලාවල මහතා ‌කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකි.