ලාෆ්ස් ගෑස් සමාගමෙන් දැනුම් දීමක්

    December, 1, 2021

    දේශීය පාරිභෝගික සුබසිද්ධිය වෙනුවෙන් දේශීය ආයෝජනයක් ලෙස ක්‍රියාත්මක වන ලාෆ්ස් ගෑස් සමාගම සැමවිටම පාරිභෝගිකයාගේ සුරක්ෂිතභාවය තහවුරු කිරීම සඳහා සියලුම ක්‍රියාමාර්ග සහ ආයෝජනයන් සිදුකරන අතරම, වැඩි ගුණත්වයෙන් යුතු එල් පී ගෑස් සහ උපාංග පාරිභෝගිකයා වෙත ලබාදීමට කැපවී සිටින බව නිවේදනයක් නිකුත් කරමින් ලාෆ්ස් ගෑස් සමාගම පවසයි.

    එසේම කිසිදු ලාභ අපේක්ෂාවක් වෙනුවෙන් එල් පී ගෑස්වල, සිලින්ඩර හෝ උපාංගවල ගුණත්වය අඩු කිරීමක් නොකරන අතරම මෙරටප්‍රමිති ආයතනය සහ එල් පී ගෑස් වෙනුවෙන් පවතින ජාත්‍යන්තර සම්මතයන්ට අනුව මෙරටට ගෑස් ආනයනය සහ මෙහෙයුම් කටයුතු කිරීමට කටයුතු කරන බව ද ලාෆ්ස් ගෑස් සමාගම මෙහිදී අවධාරණය කර සිටී.

    මේ සම්බන්ධයෙන් නිකුත් කරන ලද සම්පූර්ණ මාධ්‍ය නිවේදනය පහතින් දැක්වේ.