විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරණයට කමිටුවක් පත්කරයි

    August, 6, 2022

    විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකරගේ ප්‍රධානත්වයෙන් ඊයේ (05) දිනයේ ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කරණය කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් පවත්වා ඇත.
    එහි දී ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීමේ වැඩපිළිවෙල සඳහා කැබිනට් මණ්ඩලය විසින් අනුමත කරන ලද කමිටුවේ සාමාජිකයන් වෙත අමාත්‍යවරයා විසින් එම වගකීම භාර දෙන ලදි.
    ඒ අනුව මසක් තුළ විවිද සංවර්ධන ආයතනවල තාක්ෂණික සහය සමඟ එම ප්‍රතිව්‍යුහගත කිරීමේ යෝජනා මසක් තුල ලබා දීමට කටයුතු කරනු ඇත.
    එම කමිටුවේ සාමාජිකයන් ලෙස පහත සඳහන් සාමාජිකයන් පත් කරන ලදි.
    • මුදල් අමාත්‍යාංශයේ හිටපු ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග
    • විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ හිටපු ලේකම් එමි. එම් ෆර්ඩිනැන්ඩෝ
    • ලංකා විදුලිබල මණ්ඩලයේ හිටපු අතිරේක සාමාන්‍යාධිකාරී ආචාර්ය සුසන්ත පෙරේරා‍
    • ආයෝජන මණ්ඩලයේ හිටපු සභාපති තිලාන් විජේසිංහ
    • ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ සභාපති සහ වරාය නගර ආර්ථික කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල් සාලිය වික්‍රමසූරිය
    • රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ හිටපු නීති උපදේශක ජනාධිපති නීතීඥ නිහාල් ජයවර්ධන
    • නීතිපති දෙපාර්තමේන්තුවේ හිටපු ජ්‍යෙෂ්ඨ නීති නිළධාරී නීතිඥ හර්ෂ ප්‍රනාන්දු
    • විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශයේ අධ්‍යක්ෂක චන්දන විජේසිංහ