ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ජාතික හරිත ප්‍රදර්ශනය 2022

    April, 1, 2022

    තිරසාර පරිසරයක් ප්‍රචලිත කිරීමේ අරමුණින් ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලය මගින් ප්‍රථම වරට සංවිධානය කරන ජාතික හරිත ප්‍රදර්ශනය 2022 මැයි මස 27,28,29 වන දිනයන්හිදී උදෑසන 9.00 සිට රාත්‍රී 9.00 දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට සියළු කටයුතු සුදානම් කර ඇත. මෙහි ප්‍රධාන අරමුණ වන්නේ කෘෂිකාර්මික, ඉදිකිරීම්, ප්‍රවාහන, නිෂ්පාදන හා කර්මාන්ත ක්ෂේත්‍ර මගින් නිපදවන ලද හරිත තාක්ෂණික නව නිපැයුම් මහජනතාවට ප්‍රදර්ශනය කිරීමයි. එමෙන්ම මෙම හරිත නිපැයුම් මහජනයා අතර ප්‍රචලිත කිරීම මෙහි තවත් එක් අරමුණකි.

    මෙම ප්‍රදර්ශනය අනෙක් සමාන වැඩසටහන් වලින් සුවිශේෂී වන්නේ 'නව නිපැයුම් සවිබල ගැන්වීම' සහ 'තිරසාර සංවර්ධනයක් උදෙසා සුහුරු, නවොත්පාදිත හරිත තාක්ෂණයන්' යන අනන්‍ය වූ තේමාවක් දරන නිසාය. මෙම ප්‍රදර්ශනය ශ්‍රී ලංකා හරිත ගොඩනැගීම් කවුන්සිලය විසින් සංවිධානය කරනු ලැබූ 'ශ්‍රී ලංකා හරිතකරණ ව්‍යාපාරය 2021/30'හි එක් වැදගත් සංධිස්ථානයකි. ආසියා පැසිෆික් කලාපයේ අනෙකුත් හරිත ගොඩනැගීම් කවුන්සිල විසින් මේ සඳහා අවශ්‍ය තාක්ෂණික සහාය ලබාදීමට දැනටමත් එකඟතාවය පළකර ඇත. තවද, මේ සඳහා එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතනයන්හි දායකත්වයද ඔවුන් අපේක්ෂා කරයි.

    පාර්ශවකරුවන්

    • පරිසර අමාත්‍යංශය
    • කෘෂිකර්ම අමාත්‍යාංශය
    • වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය
    • වෙරළ සංරක්ෂණ හා පහත්බිම් සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
    • ග්‍රාමීය මාර්ග හා අනෙක් යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය

    අනුග්‍රාහකයින්:

    • Gold Sponsor - ALUMEX PLC
    • Strategic Sponsor – NIPPON PAINT
    • Event Sponsors – PORT CITY COLOMBO, IMTERNATIONAL CONSTRUCTION CONSORTIUM, SATHUTA BUILDERS