ස්ථාන 211කට Soft liquor බලපත්‍ර

    March, 8, 2023

    සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීමේ අරමුණෙන් ක්‍රියාත්මක මෘදු මත්පැන් (Soft liquor) බලපත්‍ර නිකුත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ස්ථාන 211ක් වෙත මේ වන විට බලපත්‍ර නිකුත් කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාරය රංජිත් සියඹලාපිටිය මහතා කියයි. පාලනයක් සිදු කිරීම සහ රජයට බදු ආදායම ලබා ගැනීම යන කරුණු දෙක පදනම්ව ආරම්භ කළ මෙම වැඩසටහන සාර්ථකව සිදු කෙරෙමින් පවතින බවයි අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

    ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නිකුත් කරන ලද වාර්තාවකට අනුව 2004 සිට 2016 වසර දක්වා මත්පැන් කර්මාන්තය 95%ක් ඉහළ ගොස් තිබේ. ඉන් නීත්‍යානුකූල මත්පැන් කර්මාන්තය වර්ධනය වී ඇත්තේ 50%කිනි. නීත්‍යානුකූල නොවන මත්පැන් නිෂ්පාදනයේ වර්ධනය 300%ක් පමණ වන බවයි එම වාර්තාව මගින් පෙන්වා දෙන්නේ.

    බලපත්‍ර සහිත මත්පැන් අලෙවි සැල් ශ්‍රී ලංකාව තුළ ඇත්තේ 2,800ක් පමණ ය. එහෙමත් මෙම අලෙවිසැල්වල අවිධිමත් ස්ථානගත වීමක් දක්නට ලැබේ. උදාහරණයක් ලෙස උතුර නැගෙනහිර ඇතැම් ප්‍රදේශවල කිලෝමීටර් 80ක් පමණ යන තුරු මත්පැන් අලෙවි සැලක් නොමැත. මෙහි ප්‍රතිඵලය වන්නේ නීත්‍යානුකූල නොවන මත්පැන් ප්‍රචලිය වීමයි.