සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර් 01 දා

    September, 29, 2021

    ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා විසින් ‘සාර්ව ආර්ථික සහ මූල්‍ය පද්ධති ස්ථායීතාව සහතික කිරීම සඳහා වන සය මාසික පෙර දැක්ම’ 2021 ඔක්තෝබර් මස 01 වන සිකුරාදා ප්‍රකාශයට පත් කරනු ලැබේ. මෙම ඉදිරිපත් කිරීම ශ්‍රී ලංකා මහ බැංකුවේ සන්ථාගාරයේ දී පැවැත්වෙන අතර එම කටයුතු පෙ.ව. 10.00ට ආරම්භ කෙරේ.

    පවතින කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් අවශ්‍ය සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමේ අරමුණින් සහභාගි වීම ආරාධිතයින්ට පමණක් සීමා කර ඇත. කෙසේ වෙතත්, අධිපතිතුමාගේ ඉදිරිපත් කිරීම යූටියුබ් (YouTube) සහ ෆේස්බුක් (Facebook) ඔස්සේ සජීවීව නැරඹීමට අවස්ථාව සලසා ඇත.