හිඟ බිල්වලට රු. බිලියන 360 ක් ගෙවයි

    February, 24, 2023

    රජය භාර ගන්නා විට ගෙවීමට තිබූ බිල්වලට රුපියල්  බිලියන 360ක් ගෙවා  අවසන් -  මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා

    නව රජය බලයට පත් වන විට ගෙවා දැමීමට තිබූ බිල්පත්වලින් 53%ක් ගෙවී ගිය මාස 5ක කාලය තුළ ගෙවා දැමීමට කටයුතු කර ඇතැයි මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නෙ 8%ක ඍණ ආර්ථිකයක් පැවැති වටපිටාවක අත පැවැති බිලපත්වලින් අඩකටත් වැඩි ප්‍රමාණයක් ගෙවා දැමීමට හැකි වීම ධනාත්මක කරුණක් බවයි.

    2022  අගෝස්තු මස 31 වැනි දා වන විට රජය විසින් ගෙවා දැමීමට සඳහා අත පැවැති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 360කි. 2023 වසරේ ජනවාරි 31 වන විට ගෙවා දමා ඇති සමස්ත බිල්වල වටිනාක රුපියල් බිලියන 191කි. ගෙවා දැමීමට ඇති බිල්පත්වල වටිනාකම රුපියල් බිලියන 169කි. ඉන් බිලියන 100ක් පුනරාවර්තන වියදම් වන අතර 69ක් ප්‍රාග්ධන වියදම් වෙයි. ඉන් බිලියන 53ක් ම ජනවාරි මාසය තුළ ලැබුණ ඒවා බවයි අමාත්‍යවරයා සඳහන් කරන්­නේ.

    ගෙවා දැමීමට ඇති පුනරාවර්තන වියදම්වලින් බිලියන 18.9ක් සෞඛ්‍ය සහ ඖෂධ සඳහා ද, විශ්‍රාම හා පාරිතෝශික සඳහා බිලියන 19.3%ක්, පොහොර සහ රසායනික සැපයුම් සඳහා බිලියන 12ක් වන අතර ඒවා ප්‍රමුඛතා අනුව ­ගෙවීමට කටයුතු කරන බව අමාත්‍යවරයා පෙන්වා දෙයි.