December, 31, 2025
කොළඹ පාරිභෝගික මිල දර්ශකයෙහි වාර්ෂික ලක්ෂ්යමය වෙනස මගින් මනිනු ලබන මතුපිට උද්ධමනය, 2025 දෙසැම්බර් මාසයේ දී ද 2.1%ක් ලෙස නොවෙනස්ව පවතින බව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව 2025 ඔක්තෝබර්. නොවැම්බර් සහ දෙසැම්බර් යන මාස තුනටම කොළඹ පාරිභෝගික මිල දර්ශකයට අනුව මෙරට උද්ධමනය 2.1% ක් ලෙසින් සටහන්ව ඇත.
2025 දෙසැම්බර් මාසයේ දී ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය (ලක්ෂ්යමය) ද 3.0% ක් ලෙස නොවෙනස්ව පවතියි.
නමුත් 2025 දෙසැම්බර් මාසය සඳහා ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 1.8% ක් දක්වා සුළු වශයෙන් වැඩි වී ඇති අතර එය 2025 නොවැම්බර් මාසයේ දී 1.7% ක් ලෙස වාර්තා විය.
Video Story