March, 10, 2026
ඊයේ (09) දිනයේ දී ගෝලීය වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් හි සීඝ්‍ර ඉහළ යාමක් වාර්තා විය. එහිදී බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 115 සීමාව දක්වා ඉහළ ගියේ වසර 3 1/2කට පසුව පළමු වරට බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව පසු කර යාම සනිටුහන් කරමිනි.
කෙසේවෙතත් ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කළ මැදපෙරදිග යුද්ධය ඉක්මනින් අවසන් කරන බවට කළ නවතම ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් මේ වන විට ගෝලීය ඉන්ධන මිල ගණන් හි සීඝ්‍ර පහළ යාමක් නිරීක්ෂණය වේ.
ඒ අනුව ශ්‍රී ලංකා වේලාවෙන් අද (10) පස්වරු 1.42 පමණ වන විට ලෝක වෙළෙඳපොළේ බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 90 සීමාවෙන් මෙපිටට පැමිණ තිබෙනු දැකිය හැකිය.
Video Story