September, 9, 2026
ශ්‍රී ලංකාවේ ජීවිත රක්ෂණ ක්ෂේත්‍රය තුල තම ආධිපත්‍ය නැවතත් තහවුරු කරමින් සෙලින්කෝ ලයිෆ් ජීවිත රක්ෂණ උපදේශකයින් සඳහා වූ ජාතික සංසදයේ (NAFLIA) 2026 සමුළුවේදී විශිෂ්ට සම්මාන 12ක් දිනාගත් අතර එම සම්මාන අතරට සමාගම් වෘත්තිකයන් ඉහළම දක්ෂතා දැක්වූවන් ලෙස ඇගයීමට ලක් කළ ජාතික සම්මාන පහක් ද ඇතුළත් විය.
මෙම සම්මාන උළෙලේදී සෙලින්කෝ ලයිෆ් සමාගම උපදේශක, අධීක්ෂක සහ ශාඛා කළමනාකරු යන කාණ්ඩවල මහා පරිමාණ සමාගම් අංශයේ මෙන්ම ජාතික මට්ටමේ ඉහළම සම්මාන රැසක් දිනා ගනිමින් විශිෂ්ට දක්ෂතා ප්‍රදර්ශනය කළ අතර ‘ෆාස්ට් ස්ටාර්ටර් උපදේශක’ (Fast Starter Advisor) කාණ්ඩයේ විශාල සමාගම් අංශයේ ජයග්‍රාහකයන් දෙදෙනෙකු ද බිහි කළේය.
විකුණුම් උපදේශක කාණ්ඩයේදී ඒ. පී. එස්. විජයකුමාර් මහතා ජාතික මට්ටමේ සහ මහා පරිමාණ සමාගම් අංශයේ ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර ඒ. අයි. පී. මංජුල මහතා එම කාණ්ඩ දෙකෙහිම දෙවැනි ස්ථානයට පත්විම හරහා මෙම කාණ්ඩයේ පිළිගැනීම් මට්ටම් දෙකෙන්ම සම්මාන හතරක් දිනා ගැනීමට සෙලින්කෝ ලයිෆ් සමාගම සමත් විය.
විකුණුම් අධීක්ෂක කාණ්ඩයේ ද සමාගමේ ප්‍රබලත්වය ප්‍රදර්ශනය කරමින් ආර්. පී. එදිරිසිංහ මහතා එම කාණ්ඩයේ ප්‍රථම ස්ථානය හිමිකර ගනිමින් ජාතික සම්මානය ද දිනා ගත් අතර සෙලින්කෝ ලයිෆ් වෙනුවෙන් තවත් සම්මාන දෙකක් එක් කිරීමට ඔහු සමත් විය.
ශාඛා කළමනාකරු කාණ්ඩයේ ද සෙලින්කෝ ලයිෆ් හි ප්‍රමුඛත්වය තහවුරු කරමින් ජාතික මට්ටමේ සහ මහා පරිමාණ සමාගම් අංශයේ ප්‍රථම ස්ථානය ඒ. එස්. සමරසිංහ මහතා හිමිකර ගත් අතර ජේ. මීරා මහත්මිය දෙවැනි ස්ථානයට පත්වෙමින් තවත් සම්මාන හතරක් සමාගමේ සම්මාන අතරට එක් කිරීමට සමත් විය.
මහා පරිමාණ සමාගම් අංශයේ ‘ෆාස්ට් ස්ටාර්ටර් උපදේශක’ කාණ්ඩය යටතේ නැගී එන දක්ෂතා ද ඇගයීමට ලක් වූ අතර සෙලින්කෝ ලයිෆ් හි එස්. සිවකුමාර් මහත්මිය ප්‍රථම ස්ථානය හිමිකර ගත් අතර ඩී. එන්. ශාන්ත මහතා තෙවැනි ස්ථානය දිනා ගැනීමට සමත් විය.
මෙම ජයග්‍රහණය පිළිබඳ සෙලින්කෝ ලයිෆ් සභාපති ආර්. රෙන්ගනාදන් මහතා මෙසේ අදහස් දැක්වීය. “මෙම සම්මාන මගින් සෑම දිනකම සෙලින්කෝ ලයිෆ් නියෝජනය කරන අපගේ කාර්ය මණ්ඩලයේ කැපවීම සහ ඔවුන් පවත්වාගෙන යන උසස් ප්‍රමිතීන් ප්‍රබල ලෙස තහවුරු වේ. සම්මාන 12ක් දිනා ගැනීම අප සැමට ආඩම්බර විය හැකි විශිෂ්ට ජයග්‍රහණයක් වන නමුත් ජාතික සම්මාන පහක් හිමි කර ගැනීම විශේෂයෙන් වැදගත් වන්නේ අපගේ වෘත්තිකයන් විශාල සමාගම් කාණ්ඩය තුළ පමණක් නොව රටේ ඉහළම ස්ථානයක සිටින බව එමගින් පෙන්නුම් කරන බැවිනි. මෙම සාර්ථකත්වය දක්ෂතාව, විනය, වෘත්තීයභාවය සහ විශිෂ්ටත්වය සඳහා වන නොසැලෙන කැපවීම පිළිබිඹු කරන අතර මෙම ජයග්‍රහණයට දායක වූ අපගේ සෑම ජයග්‍රාහකයෙකුටම මා හෘදයාංගම සුබපැතුම් එක් කරමි.”
2026 වසරේ බ්‍රෑන්ඩ් ෆයිනෑන්ස් ශ්‍රේණිගත කිරීම් හි මෙරට වටිනාම සන්නාම 100 අතර ශ්‍රී ලංකාවේ වටිනාම රක්ෂණ සන්නාමය ලෙස ශ්‍රේණිගත කරන ලද සෙලින්කෝ ලයිෆ් 2026 SLIM Kantar ජනතා සම්මාන උළෙලේදී අඛණ්ඩව 20 වන වසරටත් ‘වසරේ ජනතාවගේ ජීවිත රක්ෂණ සේවා සපයන්නා’ ලෙසත් අඛණ්ඩව 12 වන වසරටත් වර්ල්ඩ් ෆයිනෑන්ස් විසින් ශ්‍රී ලංකාවේ හොඳම ජීවිත රක්ෂණ සමාගම ලෙස පිළිගැනීමට ලක් විය. සෙලින්කෝ ලයිෆ් සමාගම ඔප්පුහිමියන්ගේ ජීවිත සහ ඔවුන්ගේ අරමුණු වලට ඇති අවදානම අවම කරන සහ ආරක්ෂාව ලබා දෙන නව්‍ය රක්ෂණ විසඳුම් සම්පාදනය කරයි.
සේයාරු සටහන: NAFLIA 2026 හි සෙලින්කෝ ලයිෆ් ජයග්‍රාහකයින් කිහිප දෙනෙකු සම්මාන ලබා ගැනීමේ අවස්ථාව.
Video Story