අඛණ්ඩව 9 වන වරටත් පැවැත්වෙන ඉදිකිරීම් විදුලිය සහ බලශක්ති ප්‍රදර්ශනය 2024 ජුලි මාසයේදී ආරම්භ වීමට නියමිතයි

    April, 30, 2024

    ශ්‍රී ලංකාවේම සමස්ත අවධානය යොමු වූ ඉදිකිරිම්, ගොඩනැගිලි අභ්‍යන්තර නිෂ්පාදන, විදුලිබල සහ බලශක්ති ප්‍රදර්ශනය වන ඉදිකිරිම් විදුලිබල සහ බලශක්ති ප්‍රදර්ශනය (Construction Power and Energy Expo 2024)  සඳහා අවස්ථාව යලි එළඹී ඇති බව ලංකා ප්‍රදර්ශන හා සම්මේලන සේවා ආයතනය විසින් නිවේදනය කරනුයේ සාඩම්බරයෙනි. මෙය ශ්‍රී ලංකාවේ කොළඹ පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී 2024 ජුලි 5 – 7 දක්වා දින වල පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    ඉදිකිරීම්, විදුලිබල සහ බලශක්ති ප්‍රදර්ශනය යනු, ඉදිකිරීම්, ගොඩනැගිලි අභ්‍යන්තර නිෂ්පාදන, විදුලිබල සහ බලශක්ති ආශ්‍රිත අංශයන් හා බැඳුණු ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම ප්‍රදර්ශනය වේ. අඛණ්ඩව අට වන වරටත් පැවැත්වුණු මෙම  ප්‍රදර්ශනය තුලින් කර්මාන්ත පාර්ශ්වකරුවන්, සේවා සපයන්නන්ට සහ ප්‍රදර්ශනකරුවන් හට ස්වකීය නිෂ්පාදන සහ සේවාවන් ප්‍රදර්ශනය කිරීමටත් වටිනා සබඳතාවයන් ස්ථිරව පවත්වා ගෙන යාමටත් කර්මාන්ත ආශ්‍රිත නවෝත්පාදන සඳහා මග පාදා ගැනිමටත් ඉතා පුළුල් වේදිකාවක් සපයා දෙනු ලැබේ.

    ප්‍රදර්ශනකරුවන් හට තමන් ප්‍රවේශ වී ඇති ක්ෂේත්‍රයන් වඩා ව්‍යාප්ත කර ගැනීම සඳහා අවශ්‍ය වේදිකාව ඔවුන් වෙත සපයමින් සහ මෙතෙක් ඉල්ලුම සපයා නැති වෙළඳපොල වෙත ප්‍රවේශ වෙමින් නව ව්‍යාපාර අවස්ථා  විවර කර ගැනීමේ අවස්ථාව  මෙම ප්‍රදර්ශනය තුලින්  ප්‍රදර්ශනකරුවන් වෙත උදා කිරීමට  නියමිතය. විදුලිය, බලශක්ති, ඉදිකිරීම්, නිවාස, අභ්‍යන්තර නිෂ්පාදන, ගොඩනැගිලි සහ ගොඩනැගිලි ද්‍රව්‍ය ඇතුළු බහුවිධ කර්මාන්තයන් එක් වහලක් යටට ගෙන එනු ලබන එකම අවස්ථාව වශයෙන් සියලු දෙනා විසින් දැඩි අපේක්ෂා සහගතව බලා සිටින මෙම ප්‍රදර්ශනය සැලකිය හැකිය.  නරඹන්නන්  14,000 කට වැඩියෙන් සහ  ප්‍රදර්ශනකරුවන් 180කට වැඩියෙන් සහභාගි වීමට අපේක්ෂිත 2024 ඉදිකිරීම්, විදුලිය සහ බලශක්ති ප්‍රදර්ශනය තුළින් මෙම කර්මාන්ත ආශ්‍රිත වෘත්තිකයන් හට  අසමසම වූ ජාලගත වීමේ අවස්ථාවන් විවර කර දෙනු ඇත.

    ඉදිකිරීම්, විදුලිය සහ බලශක්ති ප්‍රදර්ශනය,  ගොඩනැගිලි, නිවාස, අභ්‍යන්තර නිමැවුම්, විදුලිය සහ බලශක්ති අංශයන් තුළ කටයුතු කරන ව්‍යාපාරයන් සහ වෘත්තිකයන් සඳහා වන ප්‍රමුඛතම  වේදිකාව වශයෙන් ස්ථාපිත වී තිබෙන අතර,  මෙම වසරේ වැඩසටහන තුළින් ශ්‍රී ලංකාවේ අභිවෘද්ධිය සහ සංවර්ධනය  කෙරෙහි මගපාදන නවමු නැඹුරුතාවයන්, තාක්ෂණයන් සහ විසඳුම් ප්‍රදර්ශනය කරමින් වෙනදාටත් වඩා විශිෂ්ඨ සහ සුවිසල් එකක් වනු  ඇති බවට නිසැකය.

    ශ්‍රී ලංකාවේ ආර්ථික සුභසෙත සැලසීම තුළ විදුලිබල සහ බලශක්ති ක්ෂේත්‍රය බරපතල භූමිකාවක් දරනු ලැබේ. පුනර්ජනනීය බලශක්තිය සහ බලශක්ති කාර්යක්ෂමතාවය ආශ්‍රිතව ඇති වී ඇති වැඩි දියුණුවීම් පිළිබඳව අවධාරණය කරමින් මෙම ප්‍රදර්ශනය මගින් මෙම ක්ෂේත්‍රය පිලිබඳ ප්‍රබල අවධානයක් යොමු කරනු ඇත.

    බලශක්ති සැපයුම තුළ පුනර්ජනනීය බලශක්තියෙන්  නිමවෙන  දායකත්වය ඉහළ නැංවීම සඳහා රජය සතුව  අපේක්ෂා සහගත ඉලක්ක  පවත්නා පසුබිමක මෙම ප්‍රදර්ශනය තුළින් සුළං විදුලි බලාගාර, සූර්ය බලාගාර ව්‍යාපෘති සහ වෙනත් පුනර්ජනනීය බලශක්ති  විසඳුම් ආශ්‍රිතව නියුක්ත වී කටයුතු කරන සමාගම් සඳහා ප්‍රශස්ත වේදිකාවක් සපයාලනු ලැබේ.

    2024 ඉදිකිරීම්, විදුලිබල සහ බලශක්ති ප්‍රදර්ශනය පුළුල් පරාසයකට අයත් කර්මාන්ත අංශ වලට ගැලපෙන සේ සැකසී ඇත.   වහල සෙවිලි පද්ධති  සහ සනීපාරක්ෂක උපකරණ වල   සිට  විදුලි ඉංජිනේරු අංශය, පුනර්ජනනීය බලශක්ති නිෂ්පාදන සහ ඉදිකිරීම් උපකරණ ආදී පරාසයක් ආවරණය කරන මෙම ප්‍රදර්ශනය  නවමු විසඳුම් අපේක්ෂාවෙන් පැමිණෙන නරඹන්නන් හට සියල්ල එක් තැනකින් ලබා ගත හැකි ස්ථානයක් වනු නිසැකය.

    ගෘහ නිර්මාණ ශිල්පීන්, ගෘහ අභ්‍යන්තර සැලසුම් ශිල්පීන්, කොන්ත්‍රාත්කරුවන්, රජයේ නිලධාරීන්, ව්‍යාපෘති කළමනාකරුවන් සහ  ප්‍රධාන තීරණ ගනු ලබන තැනැත්තන් ඇතුළු ක්ෂේත්‍රයට අදාල  විවිධ ආකාරයේ වෘත්තිකයන්ගෙන් සමන්විත වෙනස් වූ ප්‍රේක්ෂක සමූහයක් ආකර්ෂණය කර ගැනීමට මෙම ප්‍රදර්ශනය ප්‍රසිද්ධය.  ප්‍රේක්ෂක සමුහයක් ඇද බැඳගන්නා බවට මෙම ප්‍රදර්ශනය ප්‍රසිද්ධියට පත් වී ඇත.  මෙම අසමසම වූ ජාලගත කිරීමේ වටපිටාව හේතු කොටගෙන සහයෝගිතාවයන් වැඩි දියුණු කිරීම, ව්‍යාපාරික ගනුදෙනු සඳහා පහසුකම් සැලසීම සහ වටිනා වෙළඳපල දැනුම උකහා ගැනිමට සමාගම් සඳහා ඉඩකඩ විවෘත කර දීම යනාදිය සිදු වේ.

    තම සන්නාමයේ ප්‍රසිද්ධිය වැඩි දියුණු කරගැනීමටත්, ඉලක්කගත ප්‍රේක්ෂක සමූහයක් සමග සම්බන්ධ වීමටත් අද්විතීය අවස්ථාවක්  2024 ඉදිකිරීම්, විදුලිබල සහ බලශක්ති ප්‍රදර්ශනය තුලින් සමාගම් වෙත උදා කර දෙනු ලැබේ. ප්‍රවර්ධන  උපකරණ, ස්ථානීය ප්‍රදර්ශන පුවරු ඔස්සේ  ප්‍රමුඛ සන්නාමකරණයක් සඳහා  මෙන් ම වෙනත් ප්‍රතිලාභ සලසා ගැනිම සඳහාද ඉඩකඩ නිර්මාණය කරදෙමින් විවිධ පරාසයන්ට අයත් අනුග්‍රහ පැකේජ මෙහි පවතී.

    සියලු සහභාගිවන්නන්ගේ අවශ්‍යතා සහ මුදල් හැකියාවට ගැලපෙන පරිදි විවිධ  පුළුල් පරාසයකට අයත් වේදිකා/ ආධාරක විකල්ප LECS මගින්  පිරිනමනු ලැබේ. බෙදුම් පද්ධති වල සිට හිස් අවකාශ සඳහා වන පෙරනිමි ව්‍යුහ යනාදිය සමගින් සමාගම් වලට තම ප්‍රදර්ශනය කිරීමේ ප්‍රතිඵලය උපරිම කර ගැනිම සඳහා ප්‍රදර්ශන අවකාශය තම අවශ්‍යතාවයට අනුව සකස් කර ගත හැකිය.

    ප්‍රදර්ශනය කිරීම් පිලිබඳ වැඩිදුර තොරතුරු ලබාගැනීම සඳහාත්, අනුග්‍රහ අවස්ථාවන් පිලිබඳ දැනගැනීමටත්, නොඑසේ නම් ඔබගේ පැමිණීම පිලිබඳ ලියාපදිංචි වීමටත්  www.constructionexpo.lk අඩවියට යොමු වීම හෝ  cpeexpo@saexhibitions.com. ලිපිනයෙන් සම්බන්ධ වීමසිදු කළ යුතුය.

    ශ්‍රී ලංකාවේ පැවැත්වෙන වඩාත්ම ක්‍රියාශීලී ඉදිකිරීම් ප්‍රදර්ශනය වන මෙම ප්‍රදර්ශනයේ කොටස්කරුවකු බවට පත් වීමට ඔබට ලැබෙන මහඟු අවස්ථාව මග නොහරින්න.!