අට දෙනෙකුගේ ධනය ලෝක ජනගහනයෙන් අඩකගේ ධනයට සමාන බව හෙළිවෙයි

    January, 17, 2017

    ලොව ජනගහනයෙන් දිළිඳුම භාගය සතු වත්කම්වල වටිනාකම, ලෝකයේ ප්‍රමුඛ ධනවතුන් 8 දෙනාගේ වත්කම්වලට සමාන බව ඔක්ස්ෆෑම් සංවිධානය විසින් අනාවරණය කර සිටී. ස්විස්ටර්ලන්තයේ ඩාවෝස් නුවර පැවැත්වෙන ලෝක ආර්ථික සමුළුවට වාර්තාවක් ඉදිරිපත් කරමින් මේ බව හෙළි කර තිබේ.

    මෙම වාර්තාව තුළින් වැඩිදුරටත් හෙළිකර ඇත්තේ අද වන විට ලොව ජනගහනයෙන් ඇති නැති පරතරය ක්‍රමයෙන් වැඩි වී ඇති බවයි.

    බිල් ගේට්ස්, වොරන් බෆේ, ජෙෆ් බෙසොස්, අමන්සියෝ ඔටෙගා, මාක් සකර්බර්ග්, ලැරී එලිසන්, කාලෝස් ස්ලිම් හෙලූ සහ මයිකල් බ්ලූම්බර්ග් සතුව ලොව දිළිඳුම ජනතා පංගුවට සමාන වත්කම් ඇති බව මෙහිදී සඳහන් වේ.