අඩු කළ බෙහෙත් මිල යළි ඉහළට

    December, 18, 2017

    අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල පහළ දමමින් පසුගිය 2016 වසරේ ඔක්තෝබර් 21 දින සෞඛ්‍ය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍ය, වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ අත්සනින් යුතුව අංක 1989/61 දරණ අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කරන ලදී.

    මෙම ගැසට් පත්‍රයට අනුව එම ඖෂධ වර්ග 48 යටතේ එක් එක් වර්ගීකරණයන්ට අදාළ ඖෂධ අලෙවි කළ හැකි උපරිම සිල්ලර මිල ප්‍රකාශයට පත් කෙරුණි.

    කෙසේ වෙතත් 2017 දෙසැම්බර් 14 වන මීට අදාළව තවත් අති විශේෂ ගැසට් පත්‍රයක් ප්‍රකාශයට පත් කෙරුණි. එම ගැසට් පත්‍රය මගින් 2016 වසරේ දී මිල පහළ දමන ලද සියලූම ඖෂධවල පාහේ මිල ගණන් ඉහළ දමා තිබේ.

    2016 වසරේ ඔක්තෝබර් 21 දිනැති ගැසට් පත්‍රය පහත දැක්වේ.

    පහතින් දැක්වෙන්නේ මීට අදාළව 2017 දෙසැම්බර් 14 දින නිකුත් කළ ගැසට් නිවේදනයයි.