September, 27, 2022
ශ්‍රී ලාංකීය සමාගමක් වන Fits Aviation විසින් FitsAir සිය අඩු වියදම් ගුවන් සේවය (Low-cost airline) එළඹෙන ඔක්තෝබර් 05 දින සිට වානිජ මෙහෙයුම් ආරම්භ කරනු ලබන බව නිවේදනය කර සිටී. ඒ අනුව FitsAir මංගල ගුවන් ගමන කොළඹ සිට ඩුබායි දක්වා ඔක්තෝබර් 05 දින සිදුකෙරෙනු ඇත.
මීට අමතරව මාලේ සහ ට්‍රිචි යන ගමනාන්ත වෙත ද FitsAir සිය මගී ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය.
Fits Aviation යනු Aberdeen Holdings සමූහයේ සාමාජික සමාගමකි. මීට පෙර එය EXPO Aviation නමින් භාණ්ඩ පරිවහන කර්මාන්තයේ වසර 25 ක කීර්තිමත් ඉතිහාසයකට හිමිකම් කියනු ලබයි.
ගුවන් සේවා ක්ෂේත්‍රයේ ප්‍රවීනයෙකු වන පීටර් හිල් මහතා FitsAir මගී මෙහෙයුම් උප සභාපතිවරයායි. පසුගිය දා කොළඹ දී පැවති මාධ්‍ය හමුවක දී අදහස් දක්වමින් ඔහු පැවසුවේ FitsAir කාර්ය මණ්ඩලය 100% ක්ම ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත බවයි.
පීටර් හිල් මහතා පවසන පරිදි කොළඹ - ඩුබායි ආපසු පැමිණීමේ (return) ටිකට්පත් ගාස්තුව රු. 175,600 සිට ක්‍රියාත්මක් වන බවයි.
මීට අමතරව කොළඹ - මාලේ නැවත පැමිණීමේ (return) ගුවන් ටිකට්පත් මිල රු . 122,100 සිට ආරම්භ වනු ඇත.
FitsAir වානිජ ගුවන් ගමන් කොළඹ සිට ඩුබායි දක්වා ඔක්තෝබර් 05 වන දා ඇරඹෙන අතර කොළඹ සිට මාලේ දක්වා ගුවන් ගමන් ඔක්තෝබර් 10 දින ආරම්භ වීමට නියමිතය. මීට අමතරව කොළඹ සිට ට්‍රිචි දක්වා ගුවන් ගමන් ඔක්තෝබර් 28 දින සිට ඇරඹෙනු ඇත.
වැඩි විස්තර;
FITSAir off to a flying start with inaugural flight to Dubai
September, 26, 2022
Video Story