• Ada Derana BIZ Sinhala
  • FAO
  • fertilizer
  • Ministry of Agriculture
  • MoU
  • sri lanka

අත්‍යවශ්‍ය පොහොර බෙදා දීම සඳහා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය (FAO) සහ කෘෂිකර්ම අමාත්‍යාංශය අතර අවබෝධතා ගිවිසුම අත්සන් කෙරේ

September, 16, 2022

ශ‍්‍රී ලංකාවේ වී ගොවීන් අතරින් ප‍්‍රතිලාභීන් තෝරා ගැනීම සහ පොහොර බෙදා දීම සම්බන්ධයෙන් වන අවබෝධතා ගිවිසුමට ශ‍්‍රී ලංකාව සහ මාලදිවයින නියෝජිත, විම්ලේන්ද්‍ර ෂාරන් මහතා සහ කෘෂිකර්ම අමාත්‍යාංශ ලේකම්, රෝහණ පුෂ්පකුමාර මහතා විසින් අද දින ගරු කෘෂිකර්ම අමාත්‍ය, මහින්ද අමරවීම මැතිතුමා ඉදිරිපිට දී අත්සන් තබන ලදී.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) සහභාගීත්වයෙන් ශ‍්‍රී ලංකාවේ ආහාර සුරක්‍ෂිතතාවය තහවුරු කරනු වස්, යූරියා සහ ටිපල් සුපර් පොස්පේට් (TSP) පොහොර වී ගොවීන් සඳහා ලබා දීමට කටයුතු කරමින් පවතී. මේ සඳහා අදාල ගොවීන් තෝරාගැනීම හා පොහොර බෙදා හැරීම සඳහා කෘෂිකර්ම අමාත්‍යාංශය සමග අද දින අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී.