අද දෙරණ හා එක්ව ශ්‍රී ලංකාවේ පළමු News Bot මෘදුකාංගය Fortunaglobal හඳුන්වාදෙයි

    February, 7, 2018

    තම ‘brand affluence’ නිපැයුම් පෙළ හරහා ශ්‍රී ලංකාවේ මූල්‍ය තාක්ෂණ ක්ෂේත‍්‍රයෙහි සර්ව සම්බන්ධිත (omni-channel) බැංකුකරණය සම්බන්ධයෙන් දැනටමත් සුවිශේෂී ස්ථානයක් ලබාසිටින, Fortunaglobal මේ වනවිට තවත් කඩඉමක් පසුකර තිබේ. ඒ අද දෙරණ සමගින් සම්බන්ධවූ Fortunaglobal ශ්‍රී ලංකාවේ ප‍්‍රථම ත්‍රෛභාෂා බොට් මෘදුකාංගය අද දෙරණ ඩිජිටල් සඳහා හඳුන්වා දෙමිනි. මෙය, කෘත‍්‍රිම බුද්ධි (AI) තාක්ෂණය සහිත LISA AI පදනම් කරගත් බොට් වේදිකාවකි.

    මෙම බොට් වේදිකාවට ෆේස්බුක් හරහා පිවිසිය හැකි අතර සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන භාෂා තුනෙන්ම පේ‍්‍රක්ෂකයාගේ පැන සඳහා පිළිතුරුදීමේ හැකියාව ඊට තිබේ. තමන්ගේ ෆේස්බුක් ගිණුමේ සිට පහසුවෙන්ම ප‍්‍රවෘත්ති සහ විනෝදාස්වාදය වෙත ළඟාවන්නට මෙමගින් හැකි වේ. Fortunaglobal හි ඉංජිනේරු කණ්ඩායම සමග සහයෝගයෙන් ක‍්‍රියාත්මක වූ අද දෙරණ ප‍්‍රවෘත්ති කණ්ඩායම එය වඩාත් සුමට තත්වයකට ගෙන ඒමටත් ශ්‍රී ලංකාවේ පුවත් කර්මාන්තයට වඩාත්ම ගැලපෙන අන්දමින් හැඩගසාගැනීමටත් සමත්ව තිබේ.

    ‘කලින් නම් කළ’ බොත්තම් (ක‍්‍රීඩා, ව්‍යාපාර පුවත්, විනෝදාස්වාදය, උණුසුම් පුවත් යනාදී වශයෙන්) මත ක්ලික් කර තෝරාගත් කාණ්ඩවලට අදාළ පුවත් විශේෂයෙන් ලබාගැනීමේ හැකියාව මෙම බොට් වේදිකාවේ තිබේ. එම බොත්තම් තිරස් අතට FB Messenger වේදිකාවේ දිස් වනු ඇති අතර, ඒවා මත ක්ලික් කළ විට එම කාණ්ඩයට අදාළ පුවත් ඔබගේ බොට් වෙතින් ලැබෙන මීළඟ ප‍්‍රතිචාරය ලෙස ඔබට දිස්වනු ඇත. තමන්ට කැමති විෂයයක් සම්බන්ධයෙන් පුවත් තමන් වෙත ගෙන එන මෙන් බොට් වෙත පැවසීමට ඔබට හැකි ය. ඔබේ ඉල්ලීමට වඩාත්ම ගැලපෙන පුවත් තෝරා බේරා ඔබ වෙත ලබාදෙන්නට බොට් විසින් කටයුතු කරනු ඇත. සාමාන්‍ය පුවත්, ව්‍යාපාර පුවත්, ස්ථානය පදනම් කරගත් සේවා සහ තවත් වරණ පරාසයක් අද දෙරණ හරහා ඔබට ලබාගත හැකිය.

    කෘතිම බුද්ධිය පදනම් කරගත් බොට් මෘදුකාංගවලට එය භාවිතා කරන්නා අවබෝධ කරගෙන ඔහු ඉල්ලා සිටින දෙයට සරිලන සේවාවක් ලබාදීමේ හැකියාව ඇත. පුවත් වෙබ් අඩවිවලින් පුවත් සෙවීමට සාම්ප‍්‍රදායිකව අනුගමනය කරන ක‍්‍රමයට වඩා මෙය වෙනස් ය. අද දෙරණ බොට් හරහා සෑම දෙනාටම එකසේ ලබාදෙන සේවාව ලබාගැනීමට විශේෂයෙන් ලියාපදිංචිවීමක් වුවමනා නොවේ.

    මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් TV Derana විධායක අධ්‍යක්ෂ මාධව මඩවල මහතා මෙසේ පැවසීය: ‘අපගේ පුවත් කලාවේදය තුළින් ශ්‍රී ලංකාවට හොඳම දේ ලබාදීම සහ හැකි තාක් උපරිමයෙන් පුළුල් පාඨක පරාසයක් වෙත ළඟාවීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදාගැනීම පිළිබඳව අද දෙරණේ අපට කවදත් තිබුණේ දැඩි උනන්දුවක්. මෙම බොට් මෘදුකාංගය එහිදී අප තැබූ සුවිශේෂී මෙන්ම නවමු පියවරක් වනවා.’

    Derana Macro Entrainment සාමාන්‍යාධිකාරී ජනීත් රුද්‍රිගු මෙසේ පැවසීය: ‘දිවා කාලයේ හෝ රාත‍්‍රියේ වේවා, ඕනෑම අවස්ථාවක අප සමගින් සම්බන්ධවීමට පාඨකයා යොදාගන්නා ක‍්‍රමය ඔවුනට වඩාත් පහසු කිරීමටත්, ඔවුන්ට තෝරාගන්නට ඇති වරණ තවත් පුළුල් කිරීමටත් අද දෙරණ කැපවී සිටිනවා. පාඨකයින්ට පහසු අන්දමින් හා ඔවුන්ටම සුවිශේෂී ලෙස ගැලපෙන අන්දමින් අපගේ පුවත් පාඨයා වෙත ලබාදීම සඳහා මෙම බොට් මෘදුකාංගයෙන් අළුත් මගක් පෑදෙන බව මගේ අදහසයි. ශ්‍රී ලංකාවේ කිසිම ක්ෂේත‍්‍රයක පෙර නොවූ විරූ අන්දමින් සිංහල හා දෙමළ භාෂාවලින් බොට් මෘදුකාංගයක් ජනතාවට ලබාදෙන මෙම අවස්ථාව අපගේ මුලපිරීම් ඉදිරියට යන අළුත්ම ක‍්‍රමයක් යැයි මා සිතනවා.’

    Fortunaglobal හි ප‍්‍රධාන විධායක නිලධාරී සුරේන් කොහොඹගේ මෙසේ අදහස් දැක්වීය: ‘අද දෙරණ සමගින් අපට දීර්ඝ කාලයක් තිස්සේ ඇති ඩිජිටල් මාධ්‍ය හවුල්කාරීත්වයත් සමගින් මෙසේ ශ්‍රී ලංකාවේ පළමු සිංහල දෙමළ බොට් වේදිකාව එළිදක්වන්නට හැකිවීම පිළිබඳ අප සතුටු වනවා. ශ්‍රී ලංකාවේ ඩිජිටල් පුවත් කර්මාන්තයට භාවිතා කරන්නන් සංඛ්‍යාව ශීඝ‍්‍රයෙන් වර්ධනයට මගපාදන කෘත‍්‍රීම බුද්ධිය පදනම් කරගත් බොට් තාක්ෂණය හඳුන්වාදීමට ලැබී ඇති මෙම අවස්ථාව පිළිබඳව Fortunaglobal ඉංජිනේරු කණ්ඩායම දැඩි උද්‍යෝගයක් දක්වනවා.

    ඡායාරූපය - ශ්‍රී ලංකාවේ පළමු සිංහල දෙමළ පුවත් බොට් වේදිකාව දියත් කරන අවස්ථාවේ TV Derana විධායක අධ්‍යක්ෂ මාධව මඩවල සහ Fortunaglobal ප‍්‍රධාන විධායක නිලධාරි සුරේන් කොහොඹගේ. Derana MacroEntrainment සාමාන්‍යාධිකාරී ජනීත් රුද්‍රිගු ද පසෙකින් සිටියි.