අද පැවති රු. මිලියන 12,000 ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසිය අවසන් වුණේ මෙහෙමයි

    June, 12, 2018

    ශ්‍රී ලංකා මහ බැංකුවේ රාජ්‍ය ණය දෙපාර්තමේන්තුව විසින් අද දිනයේ දී කැඳවා තිබුණු භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේ දී රුපියල් මිලියන 12,000 ක බිල්පත් නිකුත් කිරීමට පියවර ගැනුණි.

    මෙහිදී දින 91 හා දින 182 පරිණත කාලවලින් යුතු භාණ්ඩාගාර බිල්පත්, පසුගිය වර වෙන්දේසියේ දී නියම වී තිබුණු පොළී අනුපාතිකවලටම නිකුත් කෙරුණු අතර දින 364 බිල්පත් පොළිය සියයට 9.49 සිට සියයට 9.44 දක්වා පහළ ගියේය.

    අද වෙන්දේසිය පිළිබඳ සවිස්තරාත්මක සටහනක් පහත දැක්වේ.