අධිවේගයේ ගාස්තු වැඩිවෙයි. මහල් නිවාස ගත්තොත් බදු. අද සිට අයවැය යෝජනා ක්‍රියාත්මක වෙන හැටි

    April, 1, 2019

    2019 අපේ‍්‍රල් 01 දිනට පෙර විකුණුම් ගිවිසුම් අත්සන් කර නොමැති සහාධිපත්‍ය (condominium) නිවාස ඒකක විකිණීමේදී පනවන ලද එකතු කළ අගය මත බද්ද අද සිට එනම් 2019 අපේ‍්‍රල් 01 දින සිට ක‍්‍රියාත්මක වේ.

    මීට අමතරව පුද්ගලයකු සඳහා ගුවන්ගතවීමේ/නැව් නැගීමේ ගාස්තු ඇමරිකානු ඩොලර් 10 ක් වශයෙන් මෙවර අයවැයේ දී සංශෝධනය කෙරුණු අතර එම යෝජනාව ද අද සිට ක්‍රියාත්මක වේ. මෙහිදී වැඩි කිරීමට නියමිත ගාස්තුව ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට නියමිතය.

    මේ අතර අද (01) දින සිට කි‍්‍රයාත්මක වන පරිදි කාර්ය බහුල වේලාවන් සඳහා වූ අධිවේගී මාර්ග ගාස්තු රුපියල් 100 කින් ඉහළ දමා තිබේ.

    තවද 2019 අයවැය යෝජනා ප්‍රකාරව කැසිනෝ මත පනවන ලද වාර්ෂික බලපත‍්‍ර ගාස්තු රුපියල් මිලියන 200 සිට 400 දක්වා වැඩි කරනු ලැබූ අතර රුපියල් මිලියන 1 ක රුජිනෝ වාර්ෂික බලපත‍්‍ර ගාස්තුවක් හඳුන්වා දෙනු ලැබීය. කැසිනෝ පිරිවැටුම් ගාස්තුව සියයට 15 අනුපාතයකින් අය කරනු ලැබේ. මෙම සියලූම ගාස්තු  අද (2019 අපේ‍්‍රල් මස 01) දින සිට ක‍්‍රියාත්මක වේ.