අධිවේගිය හම්බන්තොටට යන්නේ අදියර හතරකින්

    March, 19, 2014

    දකුණු අධිවේගී මාර්ගය මාතර ගොඩගම සිට හම්බන්තොට වරාය දක්වා ඉදිකිරීමේ කටයුතු කොටස් හතරකට බෙදා කොන්ත්‍රාත් කරුවන්ට ලබාදීමට රජය සැලසුම් කර තිබේ.

    මහා මාර්ග නියෝජ්‍ය අමාත්‍ය නිර්මල කොතලාවල අප සමග පැවසුවේ එම කොන්ත්‍රාත් ලබාදීමේ කටයුතු ලබන අගෝස්තු මාසයේදී පමණ සිදු කිරීමට හැකිවනු ඇතැයි විශ්වාස කරන බවයි.

    “මෙම කොටස කිලෝ මීටර් 93 ක් පමණ වෙනවා. එහි කොන්ත්‍රාත් ලබාදීමට අදාළ කටයුතු අපි මේ වනවිට සිදුකරනවා. කොන්ත්‍රාත් ලබාදීමෙන් පසුව මේ කොටස අවසන් කිරීමට වසර හතරක් පමණ ගතවේවි.“

    යනුවෙන් අමාත්‍යවරයා කීය.

    දකුණු අධිවේගී මාර්ගයේ ගාල්ල පින්නදූවේ සිට මාතර ගොඩගම දක්වා කොටස පසුගියදා විවෘත කරන ලදී.

    Video Story

    Stock Market

    Exchange Rates