අධිවේගී මාර්ග පිවිසුම්වල නව නගර ඉදිකිරීමේ සැලසුම් -video

    April, 25, 2014

    මෙරට අධිවේගී මාර්ග පද්ධතියක් මේ වනවිට ගොඩනැගෙමින් තිබෙන අතර ඒවායේ පිවිසුම්වල ව්‍යාපාරික ස්ථාන ඇතුළු පහසුකම් ගොඩනගමින් සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇතැයි රජයේ ප්‍රධාන අමාත්‍යවරයෙකු කියයි.

    අද කොළඹදී පැවති ජාත්‍යන්තර තක්සේරුකරුවන්ගේ අන්තර් ජාතික සමුළුව අමතමින් ජාත්‍යන්තර මූල්‍ය සහයෝගීතාවය පිළිබඳ ජ්‍යෙෂ්ඨ අමාත්‍ය සහ මුදල් හා ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය සරත් අමුණුගම මහතා මේ බව පැවසීය.

    ලංකාව ඉදිකරමින් සිටින අධිවේගී මාර්ග පද්ධතිය දියුණු කිරීමේ ඊළඟ පියවර වන්නේ ඒවායේ තිබෙන පිවිසුම් ස්ථාන වටා නාගරික පහසුකම් ගොඩනැගීම යැයි අමාත්‍යවරයා මෙහිදී සඳහන් කළේය.

    කොට්ටාව අධිවේගී පිවිසුම ආසන්නයේ නාගරික සංවර්ධන අධිකාරිය විසින් නවීන පහසුකම් සපිරි නගරයක් ගොඩනැගීම සඳහා මේ වනවිටත් කටයුතු කරමින් සිටී.