අන්තර්කාලීන වෙළෙඳ සහ රේගු පාදක බදු ප්‍රතිපත්ති රාමුව කැබිනට් මණ්ඩලයට

    May, 29, 2020

    ජනාධිපතිතුමන් විසින් පත්කරන ලද වෙළෙඳ සහ රේගු පදනම් කරගත් බදුකරණ ප්‍රතිපත්ති කමිටුවේ නිර්දේශ පරිදි සකස් කරන ලද අන්තර්කාලීන වෙළෙඳ සහ රේගු පාදක බදු ප්‍රත්පත්ති රාමුව මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කර තිබේ.

    ඒ අනුව,
    1. සාමාන්‍ය පරිදි ආනයනය කළ හැකි සීමාවක් නොපැනවෙන අත්‍යාවශ්‍ය භාණ්ඩ
    2. විශේෂ වෙළෙඳ භාණ්ඩ බදු පනත යටතේ පනවනු ලබන බදු ප්‍රතිශත ගෙවමින් ගෙන්විය ලැබිය හැකි භාණ්ඩ
    3. දින 90කට වඩා වැඩි කාලයක් සඳහා සැපයුම්කරුවන් විසින් ණය පහසුකම් ලබා දෙන එකඟතාව මත ගෙන්වනු ලබන භාණ්ඩ
    4. තාවකාලිකව ආනයනය අත්හිටුවන භාණ්ඩ

    පවත්නා තත්ත්වය මත රට තුළ විදේශ විනිමය සීමා වීම සැලකිල්ලට ගනිමින් ජාතික ආර්ථිකයක් ඇති කර ගැනීමේ අරමුණද ඇතිව ඉදිරිපත් කරන ලද ගැසට් නිවේදනය නිකුත් කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා දෙන ලදී.

    මේ සම්බන්ධව ව්‍යවසාකයින්ට යම් ගැටලුවක් ඇත්නම්, මුදල් අමාත්‍යාංශ ලේකම්වරයාගේ විද්‍යුත් තැපෑල වෙත පමණක් එම ගැටලු යොමු කළ යුතු බව කැබිනට් තීරණ නිවේදනයේ සඳහන් වේ.