අනාගත නායකයින් බිහි කරනු වස් කාන්තාවන් සවිබල ගැන්වීමට විද්වත් සාකච්ඡාවක් තුළින් අවධානය යොමු කරයි

    April, 1, 2024

    Lifebuoy Shampoo 100,000කට අධික ප‍්‍රතිඥා ලබා ගනිමින් ඊට ශක්තිමත් සහයෝගයක් දක්වයි

    රටේ අනාගතය භාර ගැනීමට සිටින තරුණ පරපුර සතු අභිලාෂයන් බොහෝය. අනාගතය වෙනුවෙන් සිහින දකින ඔවුන්ට වඩා හොඳ අනාගතයක් නිර්මාණය කිරීමේදී විවිධ ක්ෂේත‍්‍රයන් තුළින් සුවිශේෂී බලපෑම් ඇති කිරීමට සමත් වූ කාන්තා චරිතයන්හි වැදගත්කම පිළිබඳ තීරණාත්මක සංවාදයක් ගෞරවණීය විද්වත් මඩුල්ලකගේ සහභාගීත්වයෙන් පවත්වනු ලැබීය. තමන් නියෝජනය කළ සෑම ක්ෂේත‍්‍රයකදීම මුහුණ දුන් අභියෝගයන් ජයගනිමින් ඉතිහාසය තුළ නොමැකෙන නමක් සනිටුහන් කළ ශ‍්‍රී ලාංකේය කාන්තාවන් වෙත නිරන්තර ගෞරවය පුද කිරීම රටේ අනාගත පරපුරෙහි විශ්වාසය හා ශක්තිය ඉහළ නැංවීමේ වැදගත් පියවරකි. එවන් ශ‍්‍රී ලාංකේය දිරිය කාන්තාවන් රට, ජාතිය වෙනුවෙන් සිදු කළ කැපවීම වෙනුවෙන් නිසි ගරුත්වයක් ලබා දීමේ වැදගත්කම හා අවශ්‍යතාව පෙන්වා දුන් මෙම විද්වත් සාකච්ඡුාව වත්මන් තාරුණ්‍යය දිරි ගැන්වීමේ සුවිශේෂී පියවරක් ලෙසද සඳහන් කළ හැකිය.

    මෙම විද්වත් සාකච්ඡුාව සඳහා විශ‍්‍රාමික වැඩ බලන අග විනිසුරුවරියක මෙන්ම ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරියක වූ ශිරාණි තිලකවර්ධන, හිටපු නිවාස පිළිබඳ කැබිනට් ඇමතිනී ෆේරියල් අෂ්රෆ්, ස්ත‍්‍රී පුරුෂ සමාජභාවය හා පවුල් සම්බන්ධ නීති කටයුතු පිළිබඳ නීතීඥ ජෙරූෂා තම්බයියා , ළමා හා නව යොවුන් විය පිළිබඳ මනෝවිද්‍යාඥ, කථිකාචාර්ය ආචාර්ය ජිසෙල් දාස් යන මහත්මීන් සහභාගී වූ අතර එම විද්වත් සභාව මෙහෙයවීම සිදු කරනු ලැබුවේ ස්වාධීන සාමූහික පාසලේ විදුහල්පති හා නිර්මාතෘ යශෝධරා පතංජලී විසිනි. එහිදී තරුණ කාන්තාවන් දිරිමත් කිරීම හා සවිබල ගැන්වීම වෙනුවෙන් කාන්තා පෞරුෂයේ ශක්තිමත් බවෙහි වැදගත්කම පිළිබඳ ඔවුන්ගේ ස්වාධීන අදහස් ඉදිරිපත් කිරීමට මෙහිදී කටයුතු කරන ලදී. කාන්තාවන් සංස්කෘතික හා සමාජීය වශයෙන් ඉටු කරන සුවිශේෂි භූමිකාවන් හා ඒ වෙනුවෙන් ඔවුන් දක්වනු ලැබූ සුවිසල් දායකත්වයන් හඳුනා ගනිමින් ඔවුන් සමාජය තුළ සදාතනික චරිත බවට පත් කිරීම පිළිබඳව ඔවුන් එහිදී අදහස් පළ කිරීම විශේෂත්වයක් විය.

    මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ‍්‍රී ලංකාහි Beauty, Wellbeing සහ Personal Care අලෙවි අධ්‍යක්ෂිකා ශමාරා සිල්වා මහත්මිය ‘‘අද දින මෙම විද්වත් සාකච්ඡාව සමඟ එක් වෙමින් සිය වටිනා අදහස් ඉදිරිපත් කළ විද්වත් මණ්ඩලයට මාගේ හද පිරි ස්තුතිය පුද කර සිටිනවා. Lifebuoy Shampoo විසින් මෙම වැඩසටහන හරහා ඉටු කර ගැනීමට අපේක්ෂා කරන අරමුණු පිළිබඳ මනා අවබෝධයක් මෙම විද්වත් සාකච්ඡාව තුළින් ලබා ගත හැකියි. ශ‍්‍රී ලංකාව තුළ විශිෂ්ටත්වයට පත් කාන්තා චරිතයන් වෙත ගෞරවය දැක්වීම වෙනුවෙන් වූ හිස් තැනක් පුරවාලමින් ඵමකකැබඛදඇ සමඟ එක්ව මෙම වැඩසටහන දියත්කරන ලද අතර ඒ වෙනුවෙන් ප‍්‍රතිඥා 100,000කට වැඩි ප‍්‍රමාණයක් ජනතාව විසින් ලබා දී ඇති බව සතුටින් ප‍්‍රකාශ කිරීමට කැමතියි. විශිෂ්ට කාන්තා චරිතයන්හි ප‍්‍රතිමා නිර්මාණයේදී සෑම ප‍්‍රතිඥාවක් සඳහාම රුපියල් 5 ක මුදල් වෙන් කිරීමට අපි කටයුතු යොදා ඇති බවත් මෙහිදී මතක් කළ යුතුයි.’’ යනුවෙන් පවසා සිටියාය.

    උත්සවය අවසන් වූයේ විශිෂ්ට කාන්තාවන් ඇගයීම සඳහා වන මෙම සුවශේෂී වැඩසටහන සමඟ සම්බන්ධ වන ලෙස සියලූ ශ‍්‍රී ලාංකිකයින් වෙත ආරාධනා එක් කරමිනි. ඒ වෙනුවෙන් ප‍්‍රතිඥා ලබා දෙමින් සහයෝගය දැක්වීමට මහජනතාවට හැකියාව උදා වන අතර https://www.inspiregirls.lk/  තුළින් එම ප‍්‍රතිඥාවන් ලබා දීමේ අවස්ථාව යුනිලිවර් උදා කර දී ඇත.