June, 1, 2017
කාලගුණ දෙපාර්තමේන්තුව, රටේ අග්‍රාමාත්‍යවරයා විශ්වාස කරන්නේ නැත්නම්, ජෝන් අමරතුංග අමාත්‍යවරයා එහි අනාවැකි විහිළුවට ලක් කරන්නේ නම්, කාලගුණ දෙපාර්තමේන්තුවේ අනාවැකි ගැන සාමාන්‍ය ජනතාව විශ්වාසයක් තියන්නේ කෙසේදැයි, ඊයේ (31) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු විසින් එහි සිටි අමාත්‍යවරුන්ගෙන් විමසීමක් කරන ලදී.
ඊට ප්‍රතිචාර දක්වමින් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා කියා සිටියේ, කාලගුණ දෙපාර්තමේන් අනාවැකි විශ්වාස කරන්නේ නැතිනම් එය වසා දැමිය යුතු බවයි.
තාක්ෂණික හෝ වෙනත් ප්‍රශ්න මධ්‍යයේ පවා මෙම දෙපාර්තමේන්තුව නිවැරදි අනාවැකි පළ කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
කෙසේ වෙතත් ආපදා කළමනාකරණ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේ, අගමැතිතුමා හෝ ජෝන් අමරතුංග අමාත්‍යවරයා මෙය හරි නැහැ කියා පවසනවා නම් එය වසා දැමීම සිදු කළ හැකි බවයි.
මේ ප්‍රකාශය සම්බන්ධ වීඩියෝව පහත දැක්වෙන අතර ඊට පහළින් දැක්වෙන්නේ පසුගියදා පැවති මාධ්‍ය හමුවක දී ජෝන් අමරතුංග අමාත්‍යවරයා කාලගුණ දෙපාර්තමේන්තුව පිළිබඳ අදහස් දැක්වූ ආකාරයයි.
Video Story