• Ada Derana BIZ Sinhala
  • Anuradhapura
  • Maliban
  • sri lanaka

අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා සහිත දරුවන් හට මැලිබන් සමාගමෙන් දිරියක්

August, 17, 2022

මැලිබන් බිස්කට් සමාගම මඟින් අඛණ්ව පවත්වනු ලබන 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම' වැඩසටහන් මාලාවේ තවත් එක් වැඩසටහනක් අනුරාධපුර ප්‍රදේශය කේන්ද්‍රකර ගනිමින් දියත් කරනු ලැබී ය.

ශ්‍රී ලාංකීය දූ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් නිරන්තරව කැපවෙන මැලිබන් සමාගම, ඔවුනගේ පෝෂණ තත්වය උසස් කිරීමේ කාර්යයෙන් නොනැවතී විවිධ දුෂ්කරතාවයන්ගෙන් පෙළෙන දක්ෂතා සහිත දරුවන් හඳුනා ගනිමින් ඔවුන්ගේ අධ්‍යාපන කාර්යයන් සාර්ථක කර ගැනීම සඳහා අවශ්‍ය සහයෝගය ලබා දීම වෙනුවෙන් ඉදිරිපත්ව ඇත. අඛණ්ඩව සිදුකරනු ලබන එම සමාජ සත්කාරය යටතේ අනුරාධපුර ප්‍රදේශයේ දක්ෂතා ඇති, නමුත් විවිධ වූ ආර්ථික දුෂ්කරතා හේතුවෙන් අධ්‍යාපන අරමුණු සපුරා ගැනීමේ ගැටළුවට මුහණ පා සිටින දරුවන්ගෙන් තෝරාගත් අති දක්ෂ දරුවන් රැසකට අත්‍යවශ්‍ය පාසල් උපකරණ බෙදා දීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය. එම දරුවන්ගේ දිරියට අත්වැලක් ලබා දෙමින් ඔවුන්ගේ අනාගත අරමුණු අපේක්ෂාවන් සපුරා ගැනිමට ශක්තියක් වීමේ අරමුණින් අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධිය පරිශ්‍රය ඉදිරිපිට දී සිදුකරනු ලැබූ මෙම අවස්ථාව සඳහා අනුරධපුර දිස්ත්‍රික් ලේකම් ගරු ජනක ජයසුන්දර සහ මධ්‍යම නුවරගම් පළාතේ ප්‍රාදේශීය ලේකම් ආර්. එම්. ජී. සේනාරත්න යන මහත්වරුන්, මැලිබන් සමාගමේ නියෝජිත මහත්වරුන් සහ දරුවන්ගේ දෙමාපියන් සහ සැදැහැතියන් විශාල ප්‍රමාණයක් ද සහභාගී විය.

මෙම අවස්ථාව සම්බන්ධයෙන් අදහස් දක්වමින් මැලිබන් සමාගමේ කලාපීය වෙළෙඳ කළමනාකාර නිශාන්ත කරුණාරත්න මහතා ප්‍රකාශ කර සිටියේ, '' ජනතාව සමඟ එක්ව වර්ධනය වූ සන්නාමයක් විදිහට මැලිබන්, ශ්‍රී ලාංකීය සෑම දරුවෙකු වෙතම සාර්ථක අධ්‍යාපනයක් ලැබිය යුතුය යන අපේක්ෂාවේ සිටින, එම අපේක්ෂාව යතාර්ථයක් කර ගැනීමට නිරන්තරව කැපවෙන ආයතනයක්. එහිදී ආයතනයක් විදිහට අපි එවැනි සාර්ථක අධ්‍යාපනයක් ලැබීමේ දුෂ්කරතා ඇති දරුවන් වෙනුවෙන් සුවිශේෂ අවධානයක් යොමු කරමින්, ඔවුන් දිරිමත් කිරීමේ අරමුණින් වැඩසටහන් රැසක් දියත් කරනවා. ඒ වැඩසටහන් මාලාවේ එක් අංගයක් විදිහට තමයි අපි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දුෂ්කර ගම්මාන වල අධ්‍යාපනය ලබන, උපකාරයක් අවශ්‍ය, දක්ෂතා සහිත දරුවන් සොයගෙන ගොස් ඔවුන් හඳුනාගෙන මෙම උපකාරය කිරීමට යොමු වුනේ. මෙම කාර්යයේ දී මූලිකම වගේම දුෂ්කරම කාර්යය වන උපකාර අවශ්‍ය දරුවන් හඳුනා ගැනීමේදී අපට සහාය වූ අනුරාධපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය ලේකම් කාර්යාල වැනි විවිධ ආයතන වල සියලුම නිලධාරි මහත්ම මහත්මීන් සහ ස්වේච්ඡාවෙන් මෙම කාර්යය සමඟ එක්වූ සියලුම දෙනා වෙත මැලිබන් සමාගමේ ස්තුතිය පුද කිරීමට මම මෙය අවස්ථාවක් කර ගන්නවා. අද වන විට පවතින දුෂ්කර තත්වය යටතේ දෙමාපියන් වෙත කිසියම් සහනයක් වෙමින්, දරුවන් හට පත්නරයක් ලබාදීමේ අරමුණින් දියත් කරනු ලබන මෙම වැඩසටහන ඉදිරියේදී විවිධ ප්‍රදේශ රැසක දරුවන් වෙනුවෙන් අඛණ්ඩව ක්‍රියාත්මක කිරීමට මැලිබන් සමාගම විදිහට අපි අපේක්ෂා කරනවා. වර්තමානයේ නිර්මාණය වී තිබෙන අර්බුධකාරී තත්ත්වය යටතේ ආයතනයක් විදිහට අපි විවිධ වූ අසීරුතාවලට මුහුණ දුන්නත්, ජාතික වගකීමක් ඇති ආයතනයක් විදිහට රටේ සහ සමාජයේ සුබසිද්ධිය වෙනුවෙන් අප සතු වකිම් ඉටු කිරීමට අප නිරන්තව මූලිකත්වය ලබා දෙන බව මෙහිදී පැවසිය යුතුයි.''

මෙම සුවිශේෂී 'මැලිබන් යහගුණයෙන් උත්තම ප්‍රණාම' වැඩසටහනට සමගාමීව එම සමාගම විසින් පොසොන් පෝය කේන්ද්‍ර කර ගනිමින් අනුරාධපුරය වෙත පැමිණෙන අති මහත් වූ වන්දනාකරුවන් වෙනුවෙන් රෝද පුටු සත්කාරක වැඩසටහනක් සහ මැල්බන් බිස්කට් සහ තේ පැන් දන්සලක් ද සංවිධානය කරනු ලැබීය. එහිදී එම ආයතන විසින් ශ්‍රී මහා බෝධිය සහ රුවන්වැලි මහා සෑය වන්දනාමාන කිරීමේ දුෂ්කරතාවයෙන් පසු වූ වැඩිහිටි සහ අබාධ සහිත වන්දනාකරුවන් වෙනුවෙන් එම පූජනීය ස්ථාන දෙක අතර එම රෝද පුටු සත්කාර සේවාවක් ක්‍රියාත්මක කරනු ලැබීය. එමගින් එම සැදැහැවතුන් හට කිසිදු අපහසුතාවයකින් තොරව වන්දනාමාන කිරීමේ අවස්ථාව උදා කර දීම සුවිශේෂී කරුණකි. මෙම රෝදපුටු සත්කාරය මැලිබන් සමාගම මගින් වාර්ෂිකව අනුරාධපුර සහ කතරගම කිරි වෙහෙර යන සිද්ධස්ථාන මූලික කර ගනිමින් දිගු කාලයක් පුරා ක්‍රියාත්මක කිරීම ද විශේෂත්වයකි.