අාපදාවෙන් විපතට පත් ජනතාවගේ බැංකු ණයට සහනයක්

    May, 30, 2017

    ගංවතුර හේතුවෙන් හානියට පත් දිස්ත්‍රික්කවල ජනතාව විසින් ලබාගෙන තිබෙන වාණිජ බැංකු ණය සහ පෞද්ගලික බැංකු ණය සම්බන්ධයෙන් සහනයක් ලබාදීම කෙරෙහි අවධානය යොමු වී ඇතැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

    මේ පිළිබඳව අරලියගහ මන්දිරයේ දී ඉහළ පෙළේ සාකච්ඡාවක් පවත්වා තිබේ. ඒ අනුව අවශ්‍ය සහන සැළසීමට පළමු අදියරේ දී රුපියල් බිලියන 02ක මුදලක් වෙන් කිරීමට තීරණය කර ඇතැයි ද අමාත්‍යවරයා පැවසී ය. මේ සම්බන්ධයෙන් අදාළ චක්‍රලේඛනයක් ඉදිරියේ දී නිකුත් කිරීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසීය.