අපනයනකරුවන්ගේ මහා හමුව 22 වන වරටත් Video

    January, 20, 2017

    ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 22 වන මහා සභා රැස්වීම මෙරට යුරෝපා සංගමයේ තානාපති Tung-Lai Margue මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය දා කොළඹ දී පැවැත්විණි. එසේම 25 වන අපනයන සම්මාන උළෙල සඳහා අයදුම්පත් කැඳවීම නිවේදනය කිරීම ද මීට සමගාමීව සිදුකෙරිණි.

    මෙරට අපනයනකරුවන් රැසකගේ සහභාගීත්වයෙන් පැවති ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 22 වන මහා සභා රැස්වීමේ දී නව සභාපතිවරයෙකු සහ නව කළමනාකරණ මණ්ඩලයක් පත්කරගැනීම මෙහිදී සිදුවිය.

    මීට අමතරව Verite Research ආයතනයේ විධායක අධ්‍යක්ෂ නිෂාන් ද මෙල් මහතා සහ Triad හි සම කළමනාකරණ අධ්‍යක්ෂිකා වරුණි අමුණුගම මහත්මියද මෙහිදී ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ 22 වන මහා සභා රැස්වීම අමතන ලදී.

    https://www.youtube.com/watch?v=R_KeJFN1KpM