අපනයනය පමණක් කරන BOI අනුමත සුරා නිෂ්පාදකයින්ට ස්ප්‍රීතු ආනයනයට බදු සහන

    January, 9, 2019

    සුරාබදු ආඥාපනත යටතේ නිකුත් කරනු ලබන සුරාබදු නිවේදන එම පනතේ විධිවිධාන අනුව පාර්ලිමේන්තු අනුමැතිය සඳහා ඉදිරිපත් කළ යුතු වේ.

    ඒ අනුව, සිය නිෂ්පාදනයෙන් 100% ක් අපනයනය සඳහාම නිපදවනු ලබන, ආයෝජන මණ්ඩලයේ අනුමත කර්මාන්තායතන විසින් නිෂ්පාදන කටයුතු සඳහා යොදා ගැනීම පිණිස ආනයනය කරනු ලබන පානීය නොවන ස්ප්‍රීතු වෙනුවෙන් ගෙවිය යුතු බද්ද සඳහා සහන ලබා දීමට සුරාබදු ආඥාපනතේ 22(3) වගන්තිය අනුව නිකුත් කරන ලද 2018 ඔක්තෝබර් 03 දිනැති අංක 2091/50දරන අතිවිශේෂ ගැසට් පත්‍රයේ පළ කරන ලද සුරාබදු නිවේදනය පාර්ලිමේන්තුවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීම පිණිස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.