December, 23, 2017
වසර 2020 වන විට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ අපනයන ප්‍රමුඛ ආර්ථික මධ්‍යස්ථනයක් බවට පත්වීමට ප්‍රවේශය ලබාගෙන ඇතැයි වසර 2018 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ වාර්තාව සඳහන් කරයි.
මේ සඳහා, අපනයන විවිධංගීකරණය,එකතු කළ අගය සහිත නිෂ්පාදන ඉහළ නැංවීම, අපනයනය මූලික කොටගත් සෘජු විදේශ ආයෝජන ප්‍රවර්ධනය, බහුපාර්ශවික සහ කලාපීය වෙළඳ ගිවිසුම්වලට ප්‍රවේශවීම සහ තරඟකාරී යටිතල පහසුකම් සංවර්ධනය යනදී පුළුල් ප්‍රතිසංස්කරණ ශ්‍රි ලංකාවේ අපනයන අංශය වර්ධනය සඳහා අවශ්‍ය වනු ඇතැයි වාර්තාවේ දැක්වෙයි.
මෙම ප්‍රතිසන්ස්කරණ යටතේ වසර 2025 දැක්ම අනුව අපනයන වසරකට ඇ.ඩො. බිලියන 20 දක්වා වැඩි කිරීමට අපේක්ෂිතය.
Video Story