අපනයන සල්ලි නිසි වේලාවට නොගෙනාවොත් දඩ Video

    April, 27, 2016

    අපනයන සඳහා වන ගෙවීම් යම් කාලසීමාවක් තුළ ශ්‍රී ලංකාවට ගෙන ආ යුතු බවට මුදල් අමාත්‍යංශය තීරණයක් ගෙන ඇති බවත් එසේ නොකිරීම විනිමය පාලන නීති උල්ලංඝනය කිරීම යටතට ගැණෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය. අද දෙරණ Biz කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා මේ බව කියා සිටියේය.

    මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් නියෝජ්‍ය අධිපතිවරයා කියා සිටියේ මෙය විනිමය පාලන නීතිය යටතට ගැනෙනක් බැවින් එය උල්ලංඝනය කිරීම දඩ ගෙවීමකට යටත් විය හැකි බවයි.

    මහ බැංකු නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙහිදී දැක්වූ සම්පූර්ණ අදහස් පහතින් නැරඹිය හැකිය.

    https://www.youtube.com/watch?v=p4l4avOV0XE

    මේ සම්බන්ධයෙන් විනිමය පාලන දෙපාර්තමේන්තුව විසින් නිකුත් කළ නිවේදනය පහත දැක්වේ.