අපේ තේ ක්වාලලාම්පූර් හරහා ගමනකට සැරසෙයි

    April, 25, 2014

    මෙරට තේ සඳහා අමතර වෙළඳ පොළවල් හඳුනා ගැනීමේ අවස්ථාව හිමිවන මැලේසියානු අන්තර් ජාතික තේ සහ කෝපි ප්‍රදර්ශනය ලබන ඉරිදා ක්වාලලාම්පූර් නුවරදී ආරම්භ වේ.

    විශේෂිත තේ සහ කෝපි ප්‍රවර්ධන වැඩසටහනක් වශයෙන් සංවිධානය කරන මෙම ප්‍රදර්ශනය සඳහා ශ්‍රී ලංකාවද සහභාගි වීමට නියමිතය.

    මැලේසියාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය සඳහන් කළේ සියයකට වැඩි තේ සහ කෝපි ක්ෂේත්‍රයේ මිලදී ගන්නන් සහ සැපයුම්කරුවන් මීට සහභාගී වන බවයි.