අපේ තේ ගොඩ වැඩිවෙයි

    April, 29, 2015

    යහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් 2014 මාර්තු මාසයට සාපේක්ෂව පසුගිය මාර්තු මාසයේදී මෙරට තේ නිෂ්පාදනය සියයට 17.5 කින් වර්ධනය වී තිබෙන බව ශ්‍රී ලංකා තේ මණ්ඩලය කියයි.

    මේ අනුව, මේ වසරේ පළමු කාර්තුවේ මෙරට තේ නිෂ්පාදනය ගිය වසරේ අදාළ කාලයට සාපේක්ෂව සියයට 07 කින් වර්ධනය වී තිබේ.

    පසුගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය 2013 වසරට වඩා අඩුවූ අතර 2013 වසරේදී ලංකාව විසින් තේ කිලෝ මිලියන 240.2 ක වාර්තාගත ප්‍රමාණයක් නිෂ්පාදනය කර තිබුණි.

    ගිය වසරේදී මෙරට තේ නිෂ්පාදනය අඩුවුවත් ලබාගත් ආදායම 2013 වසරට වඩා වැඩිවීම කැපී පෙනුණි.

    වත්මන් රජය විසින් අමු තේ දළු කිලෝවක් සඳහා රුපියල් 80 ක සහතික මිලක් ලබාදීමට යෝජනා කර තිබේ.