අපේ ප්‍රාග්ධන වෙළඳ පොළට සවිය දෙන්න කොළඹදී ජාත්‍යන්තර සමුළුවක්

    October, 3, 2014

    කොළඹ කොටස් වෙළඳ පොළ සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව එක්ව ප්‍රාග්ධන වෙළඳ පොළ පිළිබඳ ජාත්‍යන්තර මට්ටමේ සමුළුවක් ඔක්තෝම්බර් 09 වන බ්‍රහස්පතින්දා කොළඹදී පැවැත්වීමට කටයුතු යොදා තිබෙන අතර සමුළුව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් විවෘත කිරීමට නියමිතය.

    කොළඹ සිනමන් ලේක්සයිඩ් හෝටලයේ පැවැත්වෙන මෙම සමුළුවේදී ප්‍රාග්ධන වෙළඳ පොළේ නියුතු වූවන් සහ ආයතින ආයෝජකයින් එක්තැන් කරමින් මෙරට ප්‍රාග්ධන වෙළඳ පොළේ තිබෙන ආයෝජන අවස්ථාවන් පිළිබඳ සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇත.

    අග්නිදිග ආසියාව, දකුණු ආසියාව, මැදපෙරදිග, එංගලන්තය, යුරෝපය සහ ඇමරිකාව නියෝජනය කරමින් ආයතනික අරමුදල් කළමනාකරුවන් මෙම සමුළුවට සහභාගී වනබව සඳහන්ය.

    සමුළුවේදී භාණ්ඩාගාර ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා, සුරැකුම් පත් හා නියාමන කොමිසමේ සභාපති ආචාර්ය නාලක ගොඩහේවා මහතා, කොළඹ කොටස් වෙළඳ පොළේ සභාපති වජිර කුලතිලක මහතා අදහස් දැක්වීමට නියමිතය.

    මෙම සමුළුව පිළිබඳ වැඩි තොරතුරු http://www.capitalmarketconference2014.com යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබාගත හැකිය.