අපේ යුතුකම හා වගකීම වන්නේ රැකියා බෙදා දීම නොව නව රැකියා උත්පාදනයයි – ජනපති රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියයි

    August, 20, 2020

    තම රජයේ ප්‍රතිපත්තිය වනුයේ රැකියා බෙදා දීම නොව නව රැකියා උත්පාදනය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි. අද (20) දින පාර්ලිමේන්තුවේ දී රජයේ රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව කියා සිටියේය.

    “රැකියා වියුක්තිය අද තරුණ පරපුර මුහුණ දෙන බරපතළ සමාජ ගැටළුවක්. මේ ගඅටළුව විසඳීම සඳහා අපි කෙටිකාලීන සහ දිගු කාලීන් විසඳුම් රැසක් සාකච්ඡා කොට තිබෙනවා. අපි මේ වන විටත් රටේ ජීවත් වන දුප්පත්ම පවුල් ඉලක්ක කරගෙන රැකියා ලක්ෂයක් ලබා දීමට වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා. ඊට සමගාමීව උපාධිධාරීන් හැට දහසකට රැකියා ලබා දීමටත් ඔවුන්ගෙන් ඵලදායී සේවාවක් ලබාගැනීම සඳහා විධිමත් පුහුණුවක් ලබා දීමටත් කටයුතු යොදා තිබෙනවා.“

    “රජයේ රැකියා ලබා දීමේ දී රටේ දුප්පත්ම පවුල්වලට ප්‍රමුඛතාවය දෙන්න අපි කටයුතු කරනවා. එමෙන්ම රැකියා අවස්ථා ලබාදීමේ දී සෑම පළාතකටම සම අවස්ථා හිමිවන ආකාරයට එය ක්‍රියාත්මක කළ යුතුයි. රජයේ පත්වීමක් ලබන සෑම කෙනෙකුගෙන්ම රටට ඵලදායී සේවාවක් ඉටුවිය යුතුයි. ඒ නිසා කිසිදු අමාත්‍යාංශයකට හෝ ආයතනයකට අනවශ්‍ය පරිදි කාර්යමණ්ඩල බඳවා ගන්නේ නැහැ. සෑම අමාත්‍යාංශයකම හා රාජ්‍ය අමාත්‍යාංශයකම ඒ ඒ ක්ෂේත්‍රවල පෞද්ගලික අංශයේ සහාය ඇතිව රැකියා උත්පාදනයට ක්‍රියා කරනවා. ඒ වගේම අදාළ ක්ෂේත්‍රයන් හි ස්වයං රැකියා ප්‍රවර්ධනයටත් ව්‍යවසායකත්වය දිරිමත් කිරීමටත් කටයුතු කරනවා. අපේ යුතුකම හා වගකීම වන්නේ රැකියා බෙදා දීම නොව නව රැකියා උත්පාදනයයි.“