අපේ විදේශ සංචිතය පහළට

    January, 26, 2015

    පසුගිය ඔක්තෝම්බර් මාසයේදී ඩොලර් බිලියන 8.8 ක් ලෙස පැවති මෙරට විදේශ සංචිතය පසුගිය නොවැම්බර් මාසය වනවිට ඩොලර් බිලියන 8.3 ක් දක්වා අඩුවී ඇතැයි මහ බැංකුව විසින් නිකුත් කර තිබෙන නවතම දත්ත මගින් අනාවරණය වේ.

    මහ බැංකුව සඳහන් කර තිබෙන්නේ විදේශ ණය සේවාකරණ ගෙවීම් වෙනුවෙන් (foreign debt service payments) පසුගිය කාලයේදී ඩොලර් මිලියන 2758 ක් පමණ රටින් පිටතට ඇදී ගිය බවයි.

    2014 අගෝස්තු මාසයේදී මෙරට විදේශ සංචිතය ඩොලර් බිලියන 9.2 ක් දක්වා වැඩිවී තිබුණි.

    මේ අතර, 2014 වසරේ ජනවාරි සිට නොවැම්බර් දක්වා කාලයේදී මෙරට ගෙවුම් ශේෂයේ (BOP) ඩොලර් මිලියන 1,628.3 ක අතිරික්තයක් තිබෙන අතර 2013 වසරේ අදාළ කාලයේදී ගෙවුම් ශේෂයේ තිබුණේ ඩොලර් මිලියන 581.7 ක අතිරික්තයකි.