අභියෝගාත්මක ව්‍යාපාරික පරිසරයක් තුල Fitch ශ්‍රේණිගත කිරීම් වල AA-(lka) ශ්‍රේණිය අබාන්ස් විසින් හිමිකර ගනියි

    March, 29, 2024

    Fitch  ශ්‍රේණිගත කිරීම් වල 'AA-(lka)' ජාතික දිගු කාලීන ශ්‍රේණිගත කිරීම ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික නිෂ්පාදන ක්‍ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගමක් වන අබාන්ස් පීඑල්සී හි 'AA-(lka)'/Stable'  යෝජිත ජ්‍යෙෂ්ඨ සුරැකුම් රහිත ණය ශ්‍රේණිගත කිරීම සඳහා හිමි වී ඇත.

    මෙම ශ්‍රේණිගත වීමත් සමග අබාන්ස් සමාගම සතු මුල්‍යමය ස්ථාවරත්වය මනාව පිළිඹිබු වන අතර දීපව්‍යාප්ත බෙදාහැරීමේ ජාලය සහ ස්ථාවර වෙළඳනාම ජාලය ඔස්සේ ව්‍යාපාරයේ සා3⁄4ථකත්වය මනාව තහවුරු කරයි. මෙම ශ්‍රේණිගත කිරීම ඔස්සේ ක්‍ෂේත්‍රයේ වෙනත් තරඟකාරී ආයතන වලට වඩා කැපී පෙනෙන ලෙස ස්ථාවරව ඉදිරියෙන් සිටීමට අබාන්ස් පීඑල්සී සමත්ව සිටියි.

    අබාන්ස් ව්‍යාපාර සමූහයේ ප්‍රමුඛතම අංශය වන අබාන්ස් පීඑල්සී විකිණුම් අංශයෙන් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛයා වශයෙන් ලොව සුපතල ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ, පරිගණක, ජංගම දුරකථන ඇතු ̈ විවිධත්වයෙන් යුතු නිෂ්පාදන ගණනාවක් සඳහා එකම බලයලත් අලෙවි නියෝජිතයා වශයෙන් කටයුතු කරයි. එමෙන්ම දිවයින පුරා 400 කට අධික ප්‍රද3⁄4ශනාගාර ජාලයක් සහ 15 කට අධික සේවා මධ්‍යස්ථාන ජාලයක් ක්‍රියාත්මක කරමින් පාරිභෝගික තෘප්තිමත්බාවය ඉහළින්ම තහවුරු කර සිටියි.

    අබාන්ස් පීඑල්සී සැම විටම පාරිභෝගිකයා කේන්ද්‍ර කර ගනිමින් කටයුතු කරන සමාගමක් වන අතර පාරිභෝගික අවශ්‍යතා මනාව හඳුනා ගනිමින් කටයුතු කරනු ලබයි. පාරිභෝගික තෘප්තිමත්බාවය කෙරෙහි ප්‍රමුඛ අවදානය යොමු කරන අබාන්ස් පීඑල්සී සාම්ප්‍රදායික ක්‍රමවේද වලින් බැහැරව සේවාදායකයින්ගේ සැබෑ අවශ්‍යතා හඳුනා ගනිමින් ක්‍රියාකාරීව සම්බන්ධ වෙමින් කටයුතු කරයි.

    පාරිභෝගිකයා වෙත කේන්ද්‍රගත වන උපාය මා3⁄4ගයක් අනුගමනය කරමින් පාරිභෝගික ජන ජීවිතය ඉහළට ඔසවා තැබෙන නවීන නි3⁄4මාණශීලී විසඳුම් හඳුන්වා දීමට අබාන්ස් පීඑල්සී කැප වී සිටියි. මෙම ක්‍රියා පිළිවෙත හරහා පාරිභෝගික අපේක්‍ෂාවන් ඉටුවන අතර විශ්වසනීය දිගු කාලීන සම්බන්ධතාවක් ස්ථාපිත වේ.

    LMD වා3⁄4ෂික වෙළඳ සන්නාම සමීක්‍ෂණයක දී ශ්‍රී ලංකාවේ වඩාත් ජනාදරයට පත් සන්නාමය බවට අබාන්ස් පීඑල්සී හඳුන්වා දී ඇත. එමෙන්ම අබාන්ස් පීඑල්සී හි මෙහෙයුම් කටයුතු වල විශිෂ්ඨත්වය වෙනුවෙන් Great Place to Work  ආයතනය මගින් පිරිනමන තත්ව සහතිකය හිමිකර ගැනීමටද ඔවුන් සමත්ව ඇත. එමෙන්ම ඩිජිටල් මාධ්‍ය අවකාශය තුල වඩාත්ම කැපී පෙනෙන සන්නාමයක් වශයෙන් ඉහළින් සිටීමට අබාන්ස් පීඑල්සී සමත්ව සිටියි.

    1968 වසf3⁄4 දී අබාන් පෙස්ටොන්ජි මහත්මිය විසින් ඉතා කුඩා වෙළඳසැලක් වශයෙන් ආරම්භ කළ අබාන්ස් ව්‍යාපාර සමූහය විවිධත්වයෙන් යුතු ව්‍යාපාර අංශ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වන ස්වාධීන සමාගම් 30 කට අධික සංඛ්‍යාවක් පවත්වාගෙන යයි. සමාගම පුළුල් කිරීමේ උපාය මා3⁄4ගයට පිවිසෙමින් 2014 කොළඹ කොටස් වෙළඳපොලේ ණය සුරැකුම් සඳහා ලැයිස්තුගත සමාගමක් වශයෙන් ස්ථාපිත වෙමින් තවත් වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කිරීමට අබාන්ස් පීඑල්සී සමත් විය.

    අබාන්ස් ව්‍යාපාර සමූහය වසර 50 කට අධික කාලයක් රටේ අවශ්‍යතා වෙනුවෙන් කැප වී කටයුතු කර ඇති සමාගමකි. Fitch  ශ්‍රේණිගත කිරීම් වල ඉහළින් ඇගයීමට ලක් වීම අබාන්ස් පීඑල්සී විසින් වෙළඳපොල තුල හිමිකර ගෙන ඇති ප්‍රමුඛස්ථානය, මෙහෙයුම් ක්‍රියාවලිය තුල අත්කර ගෙන ඇති විශිෂ්ඨත්වය, මූල්‍යමය ස්ථාවරත්වය තවදුරටත් තහවුරු කරනු ලබයි. ශ්‍රී ලංකාවේ ඉලෙක්ට්‍රොනික සහ ගෘහ විදුලි උපකරණ ක්‍ෂේත්‍රයේ සුවිශේෂී වූ කී3⁄4තියක් සහ සා3⁄4ථකත්වයක් අත්කර ගැනීමට මෙම ශ්‍රේණිගත කිරීම බෙහෙවින් ඉවහල් වී ඇත.