අමානා තකාෆුල් ලයිෆ් කොටස් ගනුදෙනු ඇරඹෙයි

    August, 18, 2016

    කොළඹ කොටස් වෙළෙඳපොළෙ හි ලැයිස්තුගත නවතම සමාගම වන අමානා තකාෆුල් ලයිෆ් ලිමිටඩ් හි ද්විතීයික කොටස් වෙළෙඳපොළ ගනුදෙනු අද (18) දිනයේ දී ආරම්භ විය. මෙය අමානා තකාෆුල් පීඑල්සී හි පූර්ණ අනුබද්ධ සමාගමකි.

    මූලික මහජන කොටස් නිකුතුවේ දී අමානා තකාෆුල් ලයිෆ් සමාගමේ කොටසක් නිකුත් කරනු ලැබුවේ රු. 1.50 බැගිනි. අද දිනය අවසානයේ දී 20% ක කොටස් මිල වර්ධනයක් සනිටුහන් කරමින් දිනය අවසානයේ දී එහි අවසන් ගනුදෙනු මිල වාර්තා වූයේ රු. 1.80 ක් ලෙසිනි. දිනය තුළ කොටස් මිලියන 14.45 ක් ගනුදෙනු වී තිබිණි. අමානා තකාෆුල් ලයිෆ් කොටස් ගනුදෙනු වලින් රු. මිලියන 25.89 ක පිරිවැටුමක් අද දිනයේ දී වාර්තා විය.

    ඡායාරූපයෙන් දැක්වෙන්නේ අමානා තකාෆුල් ලයිෆ් සමාගමේ සහ කොළඹ කොටස් වෙළෙඳපොළ බලධාරීන් අද දිනයේ දී කොටස් වෙළෙඳපොළ ගනුදෙනු ආරම්භයට එක්වූ අවස්ථාවයි.

    Photo – Head of Compliance Mr. A.H.M. Dilshad, ATLL CEO Mr. Gehan Rajapakse, CSE CEO Mr. Rajeeva Bandaranaike, Director ATLL Dato’ Mohd Fadzli Yusof, CSE Chairman Mr. Vajira Kulatilaka, Director ATLL Mr. M.H.M. Rafiq, Former CEO of ATLL Mr. Reyaz Jeffrey, Director of ATLL Fazal Ghaffoor